Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football රොනාල්ඩෝ ඉදිරිය බලයි

රොනාල්ඩෝ ඉදිරිය බලයි

editorial - 2021 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජුවෙන්ට්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තවත් වසරක් ඉතිරිව ඇති නමුත් ඉදිරි ඉලක්කයන් පිළිබඳව ඔහු දැනටමත් හිතන්නට පටන්ගෙන තිබේ. රියල් මැඩ්රිඩ් පිලේ හිටපු පාපන්දු තරුව සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ සැබෑ ශූරයන් සෑදී ඇත්තේ කුමකටද යන්නයි.

“ඔබ ජීවිතයේ ඇද වැටෙන වාර ගණනට වැදගත් වන්නේ ඔබ කෙතරම් වේගයෙන් හා ශක්තිමත්ව නැවත නැගී සිටින්නේද යන්නයි”

ඔහුගේ මෙම ප්‍රකාශය රියල් මැඩ්රිඩ් පිල වෙත නැවත පැමිණීමේ ඉඟියක් ලෙසින්ද වටහා ගත හැකිය.

“සැබෑ ශූරයන් කිසි විටෙකත් කඩා වැටෙන්නේ නැත! අපගේ අවධානය මේ වන විටත් කැග්ලියාරි, සෙරී ‘ඒ‘ සටන වගේම ඉතාලි කුසලාන අවසන් මහ තරඟය වගේ දේවල් වෙත යොමු වී තිබෙනවා” යයි රොනාල්ඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබිණ.

“අතීතය ඇත්තේ කෞතුකාගාරවල බව ඇත්තකි”

“නමුත් මම කියන්න ඕනා... ”

“වාසනාවකට වාගේ, පාපන්දු ක්‍රීඩාවට මතක සටහන් ඇතිවා වාගේම මටත් මතක සටහන් තියෙනවා..... ඉතිහාසය මකා දැමිය නොහැක,.. එය සෑම දිනකම, ඔරොත්තු දීමේ හැකියාව, කණ්ඩායම් හැඟීම, නොපසුබට උත්සාහය සහ බොහෝ වෙහෙස මහන්සි වී කළ දේ අතර ලියැවෙමින් තිබේ” යයි ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබිණ.

“මෙය තේරුම් නොගන්නා අය කිසි විටෙකත් මහිමය හා සාර්ථකත්වය අත්කර නොගනී” යයි ද රොනාල්ඩෝ කියයි.

තම රට වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් (102) ලබාගත් පාපන්දු ක්‍රීඩකයා වන රොනාල්ඩෝ ලිස්බන් (ගෝල 5), මැන්චෙස්ටර් යුනයිටඩ් (118) සහ රියල් මැඩ්රිඩ් (450) වෙනුවෙන්ද ක්‍රීඩා කළේය. ඔහු ජුවෙන්ටස් පිල වෙනුවෙන් ගෝල 85 ක් රැස් කර තිබේ.

ඉතාලි සුපර් කප් තරගාවලියේදී නාපෝලි පිල ගෝල 2-0 ලෙස පරාජය කිරීමට දායක වෙමින් ඔහුගේ 760 වැනි ගෝලය වාර්තා කළ රොනාල්ඩෝ, පසුගිය ජනවාරි මාසයේ දී ඉතිහාසයේ වඩාත්ම සාර්ථක වෘත්තීය පාපන්දු ක්‍රීඩකයා ලෙස ප්‍රශංසාවට ලක් විය.


- 213

 


අදහස් (0)

රොනාල්ඩෝ ඉදිරිය බලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.