Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු නිලවරණය කල්දාන්නයි කියයි

පාපන්දු නිලවරණය කල්දාන්නයි කියයි

editorial - 2021 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

--------------------
නාමල් පතිරගේ
--------------------

මැයි 30 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය මාස දෙකක කාලයක් සඳහා කල් දැමීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීක් කර තිබේ. කෙසේ වුවත් පාපන්දු සම්මේලනයේ එළැඹෙන නිලවරණය සඳහා  නාමයෝජනා බාර ගැනීම අනිද්දා (20) දහවල් 12.00 ‍ට අවසන් කෙරේ.

මැයි 30 වැනිදා පැවැත්වෙන පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් පත්වන විධායක සභාවේ නිල කාලය සම්බන්ධයෙන් මේ වනවිට මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව, ක්‍රීඩා පනතේ නව සංශෝධිත වගන්ති හා අනුගත නොවීමේ තත්ත්වයක් හේතුවෙන්, මේ වනවිට පාපන්දු සම්මේලනයේ නිලවරණයකින් පත්වන නිලධාරීන්ගේ නිල කාලය තීරණය කිරීම ගැටලුවකට ලක්ව තිබේ. ඊට විසඳුමක් ලෙස මැයි 30 වැනිදා පත්වන පාපන්දු සම්මේලනයේ නව විධායක සභාවේ නිල කාලය වසරකට සීමා කරන ලෙසත්,  එකී කාලය ඇතුළත දී විශේෂ මහ සභාවක් කැඳවා එහි ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක සභාවේ නිල කාලය අර්ථකතනය කළ යුතු බවටත් යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා මෙසේ පැවසීය.

‘‘පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ නිල කාලය කලින් පැවතියේ වසර දෙකක් ලෙසයි. ඒත් වසර 2017 පත්වුණු වත්මන් විධායක සභාව මේ දක්වා වසර හතරක කාලයක් ලෙස තනතුරු හොබවනවා. අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ මෙන්ම ආසියානු පාපන්දු සමුළුවේ රෙගුලාසිවලට අනුව කිසියම් රටක ජාතික පාපන්දු සංගමයේ නිල කාලයක් සිව් වසරක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි.“

“ඒ අනුව පාපන්දු සම්මේලනය දැන් උද්ගතව තිබෙන තත්ත්වය ක්‍රීඩා ඇමැතිවරයාගේ අවධානයට යොමුකළා. අපට සම්මේලනයේ නිල කාලයක් අවුරුද්දකට සීමා කරන්න බෑ. එය අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ රෙගුලාසිවලටත් පටහැනියි. ඒ නිසා අපි අද හෙටම මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුව ඉන්නවා“ යයිද පාපන්දු සම්මේලන සභාපතිවරයා පැවසීය.

මේ අතර අනිදාදා (20) නිලවරණය සඳහා නාම යෝජනා බාරදීමේ දී  සිව් වසරක සම්පූර්ණ නිල කාලයක් ලෙස සඳහා නාමයෝජනා බාර දෙන බව පාපන්දු සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ දී සිදුවන විශේෂිතම වෙනසක් වන්නේ දැනට ක්‍රියාත්මක විධායක සභාවේ ප්‍රධාන ලේකම් ධුරය වගකීමකින් යුත් වැටුප් ලබන පරිපාලන තනතුරක් බවට පත්වීමයි.

පාපන්දු සම්මේලනයේ වත්මන් ලේකම් ජස්වර් උමාර් හා වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා පාර්ශ්ව දෙකකින් නාම යෝජනා බාරදීමට නියමිතය.

ජස්වර් උමාර් මහතා සභාපති ධුරයට නාම යෝජනා බාර දෙයි.

අනුර ද සිල්වා මහතා මනිල් ප්‍රනාන්දු මහතාගේ සභාපති අපේක්ෂකත්වයෙන් යුත් පාර්ශ්වයෙන් ප්‍රධාන ලේකම් ධුරයට නාම යෝජනා බාරදීමට නියමිතය.

ජස්වර් මහතාගේ පාර්ශ්වයේ ප්‍රධාන ලේකම් ධුර අපේක්ෂකයා වන්නේ මීට පෙරත් එම ධුරය දරා තිබෙන හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ මහතාය.

පාපන්දු සම්මේලනයේ විධායක සභාව සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප ලේකම්, උප භාණ්ඩාගාරික යන ධුර වලට අමතරව,  උප සභාපති ධුර පහකින් සමන්විත ය.


අදහස් (0)

පාපන්දු නිලවරණය කල්දාන්නයි කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.