Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොරෝනා ශාපයෙන් පසු යුරෝපයේ පාපන්දු ක්‍රීඩාව හිස ඔසවයි

කොරෝනා ශාපයෙන් පසු යුරෝපයේ පාපන්දු ක්‍රීඩාව හිස ඔසවයි

editorial - 2020 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මාස දෙකක කාලයක් කොරෝනා වයිරසය හේතුවෙන් වසා දැමීමෙන් පසු ජර්මනියේ බන්ඩෙස්ලිගා පාපන්දු තරගාවලිය දෙවන සති අන්තයටත් පැවැති අතර ලා ලිගා තරගාවලිය ලබන මාසයේදී ආරම්භ කිරීමට ස්පාඤ්ඤ රජය අවසර දී තිබේ. මෙම වාතාවරණයත් සමගින් යුරෝපය පුරා පාපන්දු ලීග ආරම්භ කිරීමට සංවිධායකවරු සූදානම් වෙති.

ලන්ඩන් නුවරදී ඊයේ (27 වැනිදා) පැවැති ඡන්ද විමසීමකදී සිරුරු ගැටෙන පුහුණුවීම් ආරම්භ කිරීම සුදුසු යයි කළ යෝජනාව එංගලන්තයේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා සමාජ විසින් ඒකමතිකව සම්මත කරන ලදි. ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගෙන් පන්දුව ලබාගැනීම සඳහා වෙට්ටු දැමීමත් එහිදී අනුමත කෙරිණ.

මෙම තත්ත්වය මත එංගලන්තයේ ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කිරීම සඳහා තවත් පියවරක් ඉදිරියට තබා තිබේ. එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා සමාජ 20 කි.

කොරෝනා වයරසය හේතුවෙන් මාර්තු මස මුලදී එංගලන්තය වසා දැමීමෙන් පසුව එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියද අත්හිටුවන ලදි. එහි තරග 92 ක් පැවැත්වීමට ඉතිරි වී තිබේ.

වයිරසයේ බලපෑමට හසුවීමෙන් පසුව ජර්මනියේ බන්ඩෙස්ලිගා තරගාවලිය සිය දෙවැනි සති අන්තයේ තරග ආරම්භ කළේය. කෙසේ වෙතත්, ආපසු ආරම්භ කළ පළමු යුරෝපීය ලීගය එය නොවන අතර එම ගෞරවය ෆාරෝ දූපත් වෙත හිමිවිය. එනම් බන්ඩෙස්ලිගා තරගාවලිය ආරම්භ වීමට සතියකට පෙර (මැයි 11 වැනිදා) ෆාරෝ දූපත් සිය ලීගය නැවත ආරම්භ කළේය. කෙසේ වෙතත් පසුගිය මාස දෙක පුරා පාපන්දු ක්‍රීඩාව කළ එකම යුරෝපීය රට වූ බෙලරූසයද අමතක කිරීමට නොහැකිය.

ස්පාඤ්ඤයේ ලා ලිගා පාපන්දු තරගාවලිය ජුනි 8 න් ආරම්භවන සතියේදී නැවත පැමිණිය හැකි බව ස්පාක්‍ද්ක්‍ද අගමැති පේඩ්‍රෝ සැන්චෙස් මහතා පැවසුවේය. එයින් අදහස් වන්නේ ජුනි 12 වැනිදා තරගාවලිය නැවත ආරම්භ කිරීමට ලීග් ප්‍රධානී ජේවියර් ටෙබාස් මහතාගේ අභිලාෂය දැන් යථාර්ථයක් විය යුතු බවයි.

එංගලන්තය සහ ඉතාලිය යන රටවල් දෙකම තරගාවලි ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින නමුත් සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් ඔවුන්ට කිසිවක් කරගත නොහැකි තත්වයට පත්ව ඇත. වොට්ෆර්ඞ් ඩිෆෙන්ඩර්, ඒඩි්‍රයන් මරියාපා ඇතුළු ඉංග්‍රීසි ප්‍රිමියර් ලීග් ක්‍රීඩා සමාජ තුනක දී කොරෝනා වයිරසය ආසාදනය වූ අවස්ථා හයක් අනාවරණය වී තිබේ. මේ සතියේ කුඩා කණ්ඩායම්වල සමාජීය දුරස්ථ පුහුණුව සඳහා නැවත පැමිණීමට පෙර ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය සඳහා කරන ලද පරීක්ෂණවලින් අනතුරුව වයිරසය ආසාදනය වූ අය හමුවී තිබේ.

වත්මන් ක්‍රීඩා සමයේ අවසාන දිනය අගෝස්තු 20 දක්වා පසුකිරීමට ඉඩ ඇති බවත්, ජුනි 14 ට පෙර තරඟ නොපැවැත්විය යුතු බවත් ඉතාලි පාපන්දු සම්මේලනය පසුගිය බදාදා කියා සිටියේය.

කණ්ඩායම් පුහුණුව නැවත ආරම්භ කිරීම සඳහා ඉතාලි රජය විසින් පසුගිය අඟහරුවාදා සේරි ‘ඒ’ ක්‍රීඩා සමාජ වලට සියල්ල පැහැදිලි කරන ලදී. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය වින්සෙන්සෝ ස්පාඩාෆෝරා මහතා පවසන්නේ තරග සමය නැවත ආරම්භ කළ හැකිදැයි දැන ගැනීමට ක්‍රීඩා සමාජවලට 28 වැනි බ්‍රහස්පතින්දා වන තෙක් බලා සිටීමට සිදුවන බවයි.

පාපන්දු නැවත ආරම්භ කිරීම සඳහා අවසර දීමට පෙර තමාට “තවත් සහතික කිරීම්” අවශ්‍ය බව ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ මහතා පවසා තිබේ.
අප්‍රේල් 24 වනදා සිය පාපන්දු සමය කළින්ම අවසානයක් කරා ගෙනා පළමු යුරෝපීය රට බවට නෙදර්ලන්තය පත්වූ අතර එරිඩිවීසි පාපන්දු ලීගය ශූරතාවකින් තොරවම අවලංගු කරන ලදී. ප්‍රංශය අප්‍රේල් 30 වැනිදාම සිය තරගාවලිය අවසන් කළ අතර තරග වට 10 ක් ක්‍රීඩා කර නොතිබිණ.

ජුලි 31 දක්වා සියලුම ක්‍රීඩා තරඟ අත්හිටුවන බව බෙල්ජියම් රජය නිවේදනය කිරීමෙන් පසුව බ්‍රග්ජ් ක්‍රීඩා සමාජය ශූරයන් බවට පත්කරමින් බෙල්ජියම සිය වාරය අවසන් කර තිබේ. ලක්සම්බර්ග් සහ සයිප්‍රසය ද ඔවුන්ගේ සෘතු අවසන් කළ නමුත් ශූරයකු නම් නොකළහ.
කෙසේ වෙතත් සයිප්‍රසයට යුරෝපීය පාපන්දු ලීගයේ ස්ථානයක් ලබාගැනීමට හේතු වූයේ ඔමෝනියා නිකොෂියා පාපන්දු පිල ඊළඟ චැම්පියන්ස් ලීගයේ සුදුසුකම් ලැබීමේ වටයට පිවිසියේය.


යුරෝපය පුරා පාපන්දු ලීගයන් නැවත ආරම්භ කරන බවට ස්ථීර කර ඇති රටවල්
■    චෙක් ජනරජය - මැයි 23
■    ඩෙන්මාර්කය - මැයි 28
■    සර්බියාව - මැයි 30
■    ඔස්ටි්‍රයාව - ජූනි 2
■    පෘතුගාලය - ජුනි 4
■    ස්ලොවේනියාව - ජූනි 5
■    ක්‍රොඒෂියාව - ජුනි 6
■    තුර්කිය - ජූනි 12
■    නෝර්වේ - ජූනි 16
■    රුසියාව - ජූනි 21
■    ෆින්ලන්තය - ජූලි 1


තරගාවලි නැවත ආරම්භ කිරීම සඳහා අවසරය බලාපොරොත්තුවෙන් සිටින රටවල්
■    රුමේනියාව - මැයි 27
■    පෝලන්තය - මැයි 29
■    ග්‍රීසිය - ජූනි 6
■    ස්විට්සර්ලන්තය - ජූනි 20

- 2079


අදහස් (1)

කොරෝනා ශාපයෙන් පසු යුරෝපයේ පාපන්දු ක්‍රීඩාව හිස ඔසවයි
  • Samanthika Friday, 29 May 2020 08:01 PM

    ජර්මනියේ තරගාවලිය පවත්වන්නේ ප්‍රේක්ෂකයින්ගෙන් තොරවයි

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.