Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features රිෂාබ් පන්ට්ගේ හෙට දින අභියෝගය

රිෂාබ් පන්ට්ගේ හෙට දින අභියෝගය

editorial - 2019 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රිෂාබ් පාන්ට්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට නම් ඉන්දීය කළමණාකාරීත්වය ඔහුගේ මානසික තත්වය තේරුම් ගැනීමට අවශ්‍ය බව හිටපු ඉන්දීය පිතිකරු යුවරාජ් සිං කියයි. තේරීම් කමිටුව විසින් ඔහුට දිග කඹයක් ලබාදී තිබියදීත්, පාන්ට් ට කිසිදු ස්ථීර භාවයක් සොයා ගැනීමට නොහැකිවී ඇති අතර මෙම ස්ථානය ඉන්දීය කණ්ඩායමේ කථාබහට ලක්වන කරුණක් වී ඇත.

පාන්ට් ස්ථාවරත්වයට පැමිණීමට ප්‍රමාදවී ඇතැයි  එල්ලවන විවේචන සම්බන්ධයෙන් කථා කිරීමට තමා අකමැති බවත් “කවුරුහරි ඔහු සමග කථා කළයුතු බවත්” යුවරාජ් කියා සිටියේය.

මහේන්ද්‍ර සිං දෝනි සමග පාන්ට්ව සංසන්දනය කිරීමෙන් වැළකී සිටිය යුතු බවද යුවරාජ් වැඩිදුරටත් පවසයි.
“දෝනිව එක දිනකින් හැදුවේ නෑ. ඒ සඳහා වසර කිහිපයක් ගතවුණා. ඔහු වෙනුවට වෙන කෙනෙකු ආදේශ කරන්න තවත් වසර කිහිපයක් ගතවෙයි”

“විස්සයි20 ලෝක කුසලාන සඳහා තවත් වසරක කාලයක් ඉතිරිව තියෙනවා. එය දිගු කාළයක්” යයි යුවරාජ් කීවේය.

“පාන්ට්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද යන්න සම්පූර්ණයෙන්ම ඔහුගේ චරිතය මත පදනම් වේ. ඔබ ඔහුගේ මානසික තත්වය තේරුම්ගෙන ඒ සමඟ වැඩ කළ යුතුයි. ඔබ ඔහුව යටපත් කිරීමට යන්නේ නම්, ඔබ ඔහුගෙන් උපරිමය ලබා නොගනී”

ඔහුට අවස්ථා ගණනාවක් ලබාදී ඇති නමුත් ඔහුගෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද? කණ්ඩායම තුල ඔහුව නිරීක්‍ෂණය කරන පුද්ගලයින්ට, පුහුණුකරුවන්ට, නායකයාට, විශාල වෙනසක් සිදුකළ හැකි බවද යුවරාජ් පැවසීය.

දෝනි වෙනුවට ඉන්දියාව වෙනුවෙන් කඩුල්ල පිටුපස පන්දු රැකීමට පාන්ට්ව ආදේශ කර ගැනීම සම්බන්ධයෙන් බොහෝ කාලයක් කථා කර තිබේ.  ඔහුගේ දක්ෂතාව බොහෝ දෙනා විසින් පිළිගෙන ඇති අතර ඔහුගේ කෙටි තරග දිවිය තුල ඔහු දැවීයන ආකාරය සහ ඔහුගේ කඩුල්ලට වටිනාකමක් ලබාදීමට ඔහුට ඇති නොහැකියාව සම්බන්ධයෙන් සැලකිය යුතු ලෙස විවේචනයට ලක්ව තිබේ.

රිෂාබ් පාන්ට් ස්ථාවර වන තුරුත් කණ්ඩායම වෙනුවෙන් සිය දායකත්වය දීමට ඉදිරිපත්ව සිටින මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කර තිබේ. එහෙත් අපේක්‍ෂිත ආකාරයෙන් දස්කම් අතරට එක්විය හැකිවුවහොත් ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ටේ්‍රලියා යන ඉන්දීය කණ්ඩායමට එක්වීමට පාන්ට් හට අවස්ථාව තිබේ.

කෙසේ වෙතත් කඩුලු රකින්නකු ලෙස හිටපු නායකයා ඉදිරියෙන් සිටිනු ඇත.

...


අදහස් (0)

රිෂාබ් පන්ට්ගේ හෙට දින අභියෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.