Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෝක්ස් - බ්‍රෝඩ් ඕස්ට්‍රේලියාව වනසති

වෝක්ස් - බ්‍රෝඩ් ඕස්ට්‍රේලියාව වනසති

editorial - 2019 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අද (1 වැනිදා) ආරම්භ වූ පළමු අළු බඳුන තරගයේදී ස්ටුවර්ට් බ්‍රෝඞ් (38/4) සහ ක්‍රිස් වෝක්ස් (35/3) දෙදෙනා එක්ව ඕස්ටේ්‍රලියානු විනාශ කරද්දී ස්ටීවන් ස්මිත් හුදෙකළා සටනක නිරතව සිටියේය. තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ඕස්ටේ්‍රලියානු පිල ලකුණු 154 කට කඩුලු 8 ක් අහිමි කරගෙන සිටියද ස්මිත් නොදැවී ලකුණු 66 ක් ලබා සිටියේය. 
බර්මින්හැම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූයේ ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු වැනි තරගයයි. 

දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව වසරක තහනමකට ලක්ව සිටි ස්ටීවන් ස්මිත් තහනමින් මිදීමෙන් පසුව සහභාගි වන පළමු ටෙස්ට් තරගය මෙයයි. 

එංගලන්තයේ වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන්ට යැවිය හැකිවූයේ ඕවර 4 ක් පමණි. පාදයේ කලව මස්පිඬුවේ ඉරී යාමක් හේතුවෙන් එහි ස්කෑන් පරීක්‍ෂාවක් සඳහා රෝහලට යාමට ඇන්ඩසන්ට සිදුවිය. එතැනින් පන්දුව අතට ගත් වෝක්ස් සහ බ්‍රෝඞ් දෙදෙනා කඩුලු 7 ක් බෙදාහදාගනිමින් ඕස්ටේ්‍රලියානු ඉනිම විනාශ කර දැමූහ. කෙසේ වෙතත් එංගලන්ත පන්දු යවන්නන්ගේ දස්කම් වල වාසිය නිසි ලෙස උකහාගත හැක්කේ එංගලන්ත පිතිකරුවන්ට පමණි. 

පසුගිය ෂතියේදී එංගලන්ත පිල අයර්ලන්තය හමුවේ ලකුණු 85 කට දැවී ගියේද ලෝඞ්ස් පිටියේදීම පැවැති ටෙස්ට් තරගයකදීය. 

මේ වන විට අළු බඳුනේ හිමිකරුවන් වී සිටින ඕස්ටේ්‍රලියානු පිලේ නායක ටිම් පේන් කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් එහි වාසිය උකහා ගැනීමට ඔහුට නොහැකි විය. 

ඕස්ට්‍රේලියාව - ඕවර 53 කදී කඩුලු 8 ක් දැවී 154 යි
(උස්මන් කවාජා 13, ට්‍රැවිස් හෙඞ් 35, ස්ටීවන් ස්මිත් නොදැවී 66, පීටර් සිඞ්ල් නොදැවී 07, ස්ටුවර්ට් බ්‍රෝඞ් 38/4, ක්‍රිස් වෝක්ස් 35/3)

 


අදහස් (0)

වෝක්ස් - බ්‍රෝඩ් ඕස්ට්‍රේලියාව වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.