Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංග යළිත් නායකත්වයට

මාලිංග යළිත් නායකත්වයට

යොහාන් භාසුර - 2019 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඕස්ට්‍රේලියාවේදී මේ මස අග ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නිත්‍ය පිට දඟ පන්දු යවන්නා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය නම් කර තිබේ.  ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නිත්‍ය පිට දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කළ අකිල ධනංජය තහනමකට ලක්වීමෙන් පසුව එම ස්ථානය පුරප්පාඩු විය.

ෂෙහාන් පසුගිය පාකිස්තානු සංචාරයේදී තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත්වූ ක්‍රීඩකයෙකි.
   
විස්සයි20 පිලේ නායකයා ලෙස තව දුරටත් ලසිත් මාලිංග කටයුතු කරන අතර උප නායකයකු නම් කර නොමැත. නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී උප නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස පමණක් නම් කර තිබේ.

පාකිස්තානයට එරෙහිව අවසන් විස්සයි20 තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඕෂධ ප්‍රනාන්දු මෙම සංචාරයට ද කැඳවා තිබේ.
 
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි20 තරගය මේ මස 27 වැනිදා පැවැත්වීමට නියමිතය.
 
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
ලසිත් මාලිංග (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්‍ෂ, ඕෂධ ප්‍රනාන්දු, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ ළහිරු කුමාර

  - 048


අදහස් (0)

මාලිංග යළිත් නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.