Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශයෙන් 21 ක කණ්ඩායමක්

බංග්ලාදේශයෙන් 21 ක කණ්ඩායමක්

editorial - 2021 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් 12 වැනිදා (සඳුදා) ඩකා නුවරින් පිටත්වන අතර මූලික සංචිතයේ සිටින ක්‍රීඩකයෝ 21 දෙනාම ශ්‍රී ලංකාවට පැමිණෙති. 

“අපි මූලික සංචිතයම ශ්‍රී ලංකාවට ගෙනයාමට තීරණය කළා. එය අපගේ සූදානම සඳහා උපකාරී වන අතරම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපේ සැලකිල්ලට ලක්වී සිටින ක්‍රීඩකයන්ට එයින් හොඳ අවස්ථා කිහිපයක්ම ලැබෙනවා” යයි මෙම සංචිතය සම්බන්ධයෙන් ප්‍රධාන තේරීම් කමිටු නිලධාරී මින්හාජුල් ආබ්දීන් මහතා පැවසීය. 

අප්‍රේල් මස 17 සහ 18 දිනවල කටුනායකදී පැවැත්වෙන පුහුණු තරගයෙන් පසුව පළමු ටෙස්ට් තරගය සඳහා සංචිතය ප්‍රකාශයට පත්කෙරෙනු ඇත. 

“ෂෝරිෆුල් ඉස්ලාම්, මුකිදුල් ඉස්ලාම් මුග්ඩෝ සහ ෂොහිදුල් ඉස්ලාම් යන තිදෙනාම අපේ උසස් දස්කම් මධ්‍යස්ථානයේ සිටි අය. ඒ වගේම ඔවුන් කුමන ආකාරයේ ක්‍රීඩාවක නිරත වූවත් ඒ තුන්දෙනාම අපේ අවධානය දිනාගන්නට සමත් වූවා.”

“විශේෂයෙන්ම මුකිදුල් සහ ෂොහිදුල් දෙදෙනා, දේශීය පළමු පෙළ තරගාවලියේදී හොඳ දස්කම් දැක්වූවා. වයසත් ඔවුන්ගේ වාසියට (තරුණ ක්‍රීඩකයන් වන බැවින්) තිබෙන නිසාත් ඔවුන් දෙදෙනාටම හොඳ හැකියාවන් තිබෙන නිසාත් මේ දෙන්නා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී දිගු ගමණක් යාවි” යයිද ආබ්දීන් මහතා පවසා තිබේ. 

“ෂුවගතා හෝම් චෞද්රි නැවත පැමිණෙන්නේ ටික කාලයකට පස්සේ. ඒත් එයා දේශීය පළමු පෙළ තරගාවලියේදී හොඳින් දස්කම් අතර සිටියා... අපි ඔහුව සලකන්නේ පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසයි. මොකද ඔහුගේ පිට දඟ පන්දු අපට සෑහෙන වාසියක් ගෙන දෙනවා” යයිද ආබ්දීන් මහතා වැඩිදුරටත් පැවසීය. 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම
මොමිනුල් හක්, ලිටන් දාස්, මොහොමඩ් මිතුන්, මුෂ්ෆිකුර් රහීම්, ටමීම් ඉක්බාල්, ශද්මන් ඉස්ලාම්, අබු ජයිද් චෞද්රි, තයිජුල් ඉස්ලාම්, නජ්මුල් හොසේන් ශන්තෝ, මෙහෙදි හසන් මිරාස්, නයීම් හසන්, ටස්කින් අහමඩ්, එබාදත් හොසේන් චෞද්රි, මොහොමඩ් සයිෆ් හසන්, යසීර් අලි චෞද්රි, ෂෝරිෆුල් ඉස්ලාම්, සයිඩ් කලීඩ් අහමඩ්, මුකිදුල් ඉස්ලාම් මුග්ධෝ, ෂුවගතා හෝම් චෞද්රි, ෂොහිදුල් ඉස්ලාම් සහ ක්වාසි නුරුල් හසන් සොහාන්.

 


අදහස් (0)

බංග්ලාදේශයෙන් 21 ක කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.