Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය තවත් ලකුණු 248 ක් පසුපසින්

පාකිස්තානය තවත් ලකුණු 248 ක් පසුපසින්

editorial - 2019 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඇඩිලේඞ් ඕවල්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ අද (1 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින පාකිස්තානය ලකුණු 39 කට කඩුලු 3 ක් අහිමිකරගෙන සිටින්නේය. ඒ අනුව කඩුලු 7 ක් අතැති පාකිස්තානුවන්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 248 ක් අවශ්‍යව ඇත.

ශාන් මසූඞ් ලකුණු 14 ක් සහ අසාද් ශාෆීක් ලකුණු 8 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර දැවීගිය කඩුලු 3 න් කඩුලු 2 ක් ජොෂ් හේසල්වුඞ්ට හිමිවූ අතර මිචෙල් ස්ටාක්ට කඩුල්ලක් හිමිවිය.

දෙවැනි දිනට ඊයේ (30 වැනිදා) තරගය අවසන් කරනවිට පාකිස්තාන පළමු ඉනිමේ කඩුලු 6 ක් ලකුණු 96 ක් තුල දැවී ගොස් තිබුනද ඉතිරි කඩුලු 4 සඳහා තවත් ලකුණු 206 ක් එක්කිරීමට පිතිකරුවෝ සමත්වූහ.

යසීර් ෂා සමගින් එක්ව 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 105 ක සම්බන්ධතාවයක් පවත්වමින් පාකිස්තාන ඉනිම ගොඩනැගූ බාබර් අසාම් ශතකයට ලකුණු 3 ක් මෙපිටින් දැවීයාමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි. මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් අතට උඩපන්දුවක් දෙමින් බාබර් අසාම් දැවීයන විට පන්දු 132 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 97 ක් රැස්කර සිටියේය.

 බාබර් අසාම්ගේ දැවීයාමෙන් පසු යවන ලද පළමු පන්දුවෙන්ම ශහීන් අෆ්රිඩි දවාගැනීමට මිචෙල් ස්ටාර්ක් සමත්විය. පිට පිට පන්දු දෙකකදී කඩුලු 2 ක් අහිමිව ගියද ඉන් නොසැලුණු පසුපෙළ පිතිකරුවන්වූ යසීර් ෂා සහ මොහොමඞ් අබ්බාස් එක්ව 9 වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 87 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

පන්දු 78 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් පාකිස්තාන ඉනිම ගොඩනැගීමට දායකත්වය දැක්වූ මොහොමඞ් අබ්බාස් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 29 ක් රැස්කර සිටියදී පැට් කමින්ස්ගේ පන්දුවක් හමුවේ ඩේවිඞ් වෝනර් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

එහිදී සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් යසීර් ෂා පාකිස්තාන පළමු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවීයන විට ලකුණු 113 ක් රැස්කර සිටියේය. පන්දු 213 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි යසීර් ෂාගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් විය.

වේගපන්දු යවන්නන් වූ මිචෙල් ස්ටාක් කඩුලු 6 ක් ද, පැට් කමින්ස් කඩුලු 3 ක් සහ ජොෂ් හේසල්වුඞ් කඩුල්ලක්ද දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.


ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 589
(ඬේවිඞ් වෝනර් නොදැවී 335, මානස් ලැබුස්චේන් 162, ස්ටීවන් ස්මිත් 36, මැතිව් වේඩ් නොදැවී 38, ශහීන් අෆ්රිඩි 88/3)

පාකිස්තාන පළමු ඉනිම - සියලුදෙනා දැවී 302
(බාබර් අසාම් 97, යසීර් ෂා 113, මොහොමඞ් අබ්බාස් 29, මිචෙල් ස්ටාක් 66/6, පැට් කමින්ස් 83/3)

පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 39
(ජොෂ් හේසල්වුඞ් 15/2)

...


අදහස් (0)

පාකිස්තානය තවත් ලකුණු 248 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.