Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නැගී එන කණ්ඩායම් අතර තරගය විසදුමකින් තොරයි

නැගී එන කණ්ඩායම් අතර තරගය විසදුමකින් තොරයි

editorial - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි නිලනොවන ටෙස්ට් තරගය විසදුමකින් තොරව අද (6 වැනිදා) අවසන් වෙයි. ඒ අනුව දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත නිලනොවන ටෙස්ට් තරගාවලිය 0-0 ක් ලෙස සමවිය.

වර්ෂාව හේතුවෙන් සිවුවැනි දිනයේදී තරගය ආරම්භ කිරීමට නොහැකිවූ අතර වේලාසනින්ම තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණ කළහ.

පළමු සහ සිවුවැනි දිනයන් දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවූ අතර දෙවැනි සහ තෙවැනි දිනයන් දෙකෙහිදී යැවීමට හැකිවූයේ ඕවර 66 ක් පමණි.

තරගයේ තෙවැනි දිනයවූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ නැගී එන කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 208 ක් රැස්කර සිටියේය.


බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 208
(නජ්මුල් හුසේන් නොදැවී 88, අෆීෆ් හුසේන් නොදැවී 100, ජෙහාන් ඩැනියෙල් 28/2)

...


අදහස් (0)

නැගී එන කණ්ඩායම් අතර තරගය විසදුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.