Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානු - කොදෙව් වි20 තරගාවලියත් කල්යයි

ඕස්ට්‍රේලියානු - කොදෙව් වි20 තරගාවලියත් කල්යයි

editorial - 2020 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරස් වසංගතය ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනයට කරනු ලබන බලපෑම තවත් තීව්ර කරමින් ඔක්තෝබර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 තරඟාවලිය කල් දැමීමට සිදුවී තිබේ.

ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා සිට නොවැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමද මෙම තීරණය ගැනීමට තවත් හේතුවක්වී තිබේ.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර ඊට පෙර පෙරහුරු තරගාවලියක් ලෙස ඕස්ට්‍රේලියානු - කොදෙව් තරගාවලිය සංවිධානය කර තිබිණ. තරග තුනකින් සමන්විත එම තරගාවලියේ තරග ටවුන්ස්විල්, කෙයාන්ස් සහ ගෝල්ඩ් කෝස්ට් යන නගර වලදී 4, 6 සහ 9 යන දිනයන්හිදී තරග පැවැත්වීමට නියමිතව තිබුණි.

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ  විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය මෙන්ම සිම්බාබ්වේට එරෙහිව මේ මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ජාත්‍යන්තර තරඟාවලියද කල්දමා තිබේ.
 
මෙම අවස්ථාවේ පවතින තත්වය අනුව තරග කල්දැමීමට එකඟවූ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. කෙසේ වෙතත් 2021 හෝ 2022 දී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඕස්ට්‍රේලියාව සහ කොදෙව් පිල අතර තරගාවලිය නැවත පැවැත්වීමට සැලසුම් කරන බවද ඕස්ට්‍රේලියාව කියයි.

ඕස්ට්‍රේලියාව මේ වන විට කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල සමඟ පොරබදමින් සිටින අතර ඒ හේතුවෙන් ජාත්‍යන්තර දේශසීමා වසා දමා ඇත. විදේශයකින් කවුරුන් හෝ ඕස්ට්‍රේලියාව පැමිණෙන්නේ නම් ඔවුන් දින 14 ක නිරෝධායනයකට ලක්විය යුතුව ඇත.

දුෂ්කරතා මධ්‍යයේ වුවද, මුදල් ඉපයීමේ අරමුණ ඇතිව, ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 4 කින් යුත් ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී පැවැත්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

නොවැම්බර් මස අවසානයේ පර්ත් නුවරදී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු ටෙස්ට් තරගය පිළිබඳව ඕස්ට්‍රේලියානුවන්ගේ අවධානය ලක්වී නැත.

- 2079


අදහස් (0)

ඕස්ට්‍රේලියානු - කොදෙව් වි20 තරගාවලියත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.