Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාගම - මේරියන්ස් - සී.සී.සී - එන්.සී.සී අවසන් පූර්ව වටයට

රාගම - මේරියන්ස් - සී.සී.සී - එන්.සී.සී අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට රාගම, හලාවත මේරියන්ස්, සී.සී.සී සහ එන්.සී.සී කණ්ඩායම් අද (17 වැනිදා) සමත්විය.

කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරග වලදී කෝල්ට්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට රාගම පිලත්, බදුරලිය පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට සී.සී.සී පිලත් සමත්විය. පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරග වලදි එස්.එස්.සී පිලට එරෙහිව ලකුණු 14 ක ජයක් හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් පිලත්, යුදහමුදා පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී පිලත් සමත්විය.

අද පැවැති තරග වලදී අවිෂ්ක ප්‍රනාන්දු (කෝල්ට්ස්), ලසිත් කෲස්පුල්ලේ (හලාවත මේරියන්ස්), මලිඳු මදුරංග (සී.සී.සී), මහේල උඩවත්ත (එන්.සී.සී) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ශෙහාන් සඳරුවන් (රාගම), සචිත්‍ර සේනානායක (එස්.එස්.සී) අද පැවැති තරග වලදී කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

මේ මස 19 වැනිදා අවසන් පූර්ව තරග කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. සී.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන අතර එන්.සී.සී සහ රාගම කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ.

අවසන් මහා තරගය මේ මස 21 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

 

රාගම පිලට කඩුලු 5 ක ජයක්

රාගම සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස්  - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 162
(අවිෂ්ක ප්‍රනාන්දු 76, සධීර සමරවික්‍රම 39, ශෙහාන් සඳරුවන් 29/4, )
රාගම  - ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී 163
(නිෂාන් මධුෂ්ක 26, ජනිත් ලියනගේ 44, සමින්ද ප්‍රනාන්දු 20, සුපේෂල ජයතිලක නොදැවී 28, ඉෂාන් ජයරත්න නොදැවී 22)

 

මේරියන්ස් පිලට ලකුණු 14 ක ජයක්

එස්.එස්.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස්  - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 163
(ලසිත් කෲස්පුල්ලේ 60, ශෙහාන් ජයසූරිය 33, තික්ෂිල ද සිල්වා 26, සචිත්‍ර සේනානායක 23/4)
එස්.එස්.සී  - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 149
(ධනුෂ්ක ගුණතිලක 27, සචිත්‍ර සේනානායක 36, නුවනිදු ප්‍රනාන්දු නොදැවී 26, පුලින තරංග 19/2, ශෙහාන් ජයසූරිය 23/2, තික්ෂිල ද සිල්වා 28/2)

 

සී.සී.සී පිලට කඩුලු 7 ක ජයක්

සී.සී.සී සහ බදුරලිය කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
බදුරලිය  - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 159
(ළහිරු සමරකෝන් 23, ළහිරු මිලන්ත 24, දමිත් පෙරේරා නොදැවී 39, ශෙහාන් මධුෂංක නොදැවී 39, වනිඳු හසරංග 19/3)
සී.සී.සී  - ඕවර 19.2 කදී කඩුලු 3 ක් දැවී 163
(මලිඳු මදුරංග 62, මිනෝද් භානුක 24, අෂාන් ප්‍රියංජන් නොදැවී 41, ශෙහාන් මධුෂංක 20/3)

 

එන්.සී.සී පිලට කඩුලු 6 ක ජයක්

යුදහමුදාව සහ එන්.සී.සී කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව  - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 148
(ලක්ෂාන් එදිරිසිංහ 39, තිසර පෙරේරා 26, සීකුගේ ප්‍රසන්න 21, ජනිත් සිල්වා නොදැවී 26, චාමික ගුණසේකර 20/2, ලසිත් මාලිංග 31/2, සචිඳු කොළඹගේ 32/2)
එන්.සී.සී  - ඕවර 19.1 කදී කඩුලු 4 ක් දැවී 152
(උපුල් තරංග 22, මහේල උඩවත්ත නොදැවී 57, චතුරංග ද සිල්වා නොදැවී 49, තිසර පෙරේරා 25/2)


අදහස් (0)

රාගම - මේරියන්ස් - සී.සී.සී - එන්.සී.සී අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.