Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානුවෝ ඉනිමක පරාජයක් අභියස

දකුණු අප්‍රිකානුවෝ ඉනිමක පරාජයක් අභියස

editorial - 2019 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉනිමක පරාජයක් පෙනෙන මානයේ සිටි දකුණු අප්‍රිකානුවෝ රාංචිහිචී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (21 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුහු කඩුලු 3 ක් අතැතිව ඉන්දියාවට වඩා තවත් ලකුණු 203 ක් පසුපසින් සිටිති.

තෙවැනි දිනය වූ අද තරගය නතර කරන විට තියුනිස් ඩි’බ්‍රයන් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 30 ක්ද, ඇන්රිච් නොට්ජේ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 5 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.  

දෙවැනි දිනය වූ ඊයේ (20 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 9 ක් ලබා සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 153 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ උමේෂ් යාදව් එහිදී ලකුණු 40 කට කඩුලු 3 ක් බිඳහෙළු අතර රවින්ද්‍ර ජදේජා, මොහොමඞ් සාමි සහ ශාබාස් නදීම් කඩුලු 2 බැගින් දවාගත්හ.

පළමු ඉනිමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සුබයර් හම්සා හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 62 ක් රැස්කළ අතර ජෝජ් ලින්ඬේ ලකුණු 37 ක් සහ ටෙම්බා බවුමා ලකුණු 32 ක් බැගින් රැස්කළහ.

ඒ අනුව පිට පිටම දෙවැනි වටරත් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 36 ක් තුළ බිඳ දැමීමට මොහොමඞ් සාමි පුරෝගාමී විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ උමේෂ් යාදව්, රවින්ද්‍ර ජදේජා සහ රවිචන්ද්‍රන් අෂ්වින් ලකුණු 121 කට කඩුලු 8 ක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමූහ.


ඉන්දීය පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 497
(රෝහිත් ෂර්මා 212, අජින්ක්‍යා රහනේ 115, රවින්ද්‍ර ජදේජා 51, උමේෂ් යාදව් 31, ජෝර්ජ් ලින්ඬේ 133/4, කගිසෝ රබාඩා 85/3)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 162
(සුබයර් හම්සා 62, ජෝජ් ලින්ඬේ 37, ටෙම්බා බවුමා 32, උමේෂ් යාදව් 40/3, රවින්ද්‍ර ජදේජා 19/2, මොහොමඞ් සාමි 22/2, ශාබාස් නදීම් 22/2)

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 132
(ඩීන් එල්ගා 16, ජෝජ් ලින්ඬේ 27, ඬේන් පයිඩට් 23, තියුනිස් ඩි’බ්‍රයන් නොදැවී 30, මොහොමඞ් සාමි 10/3, උමේෂ් යාදව් 35/2)


-036

 


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ඉනිමක පරාජයක් අභියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.