Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චේස්ගේ ශතකය කොදෙව් පිල දිනවයි

චේස්ගේ ශතකය කොදෙව් පිල දිනවයි

ශානුක අරවින්ද - 2020 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

රොස්ටන් චේ‍ස්ගේ (136) අනර්ඝ ශතකයෙන් සවිමත් වූ කොදෙව් පිල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති පෙරහුරැ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩකයෝ පන්දු 21 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ‍රොස්ටන් චේස් පන්දු 113 කදී හයේ පහරක් සහ හතරේ පහර 16 ක් සමග ලකුණු 136 ක් රැස්කරමින් කොදෙව් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

ලකුණු 35 කට කඩුලු 2 ක් බිඳවැටීමෙන් අනතුරැව ආරම්භක පිතිකරු ශායි හෝප් (85) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 137 කදී ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනැගූ චේස්, ඉන් නොනැවතී සුනිල් ඇම්බ්‍රිස් (නොදැවී 34) සමග එක්ව ‍සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ලකුණු 108 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 102 කදී වාර්තා වූ හෝප්ගේ අර්ධ ශතකය හතරේ පහර 11 කින් සමන්විත වූ අතර පන්දු 44 කදී වාර්තා වූ ඇම්බ්‍රිස්ගේ ඉනිමට ‍හයේ පහරක් සහ හතරේ පහරක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම මිනෝද් භානුකගේ (69) සහ රමේෂ් මෙන්ඩිස්ගේ (නොදැවී 64) ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 276ක් ලබාගත්තේය. මුලු ලකුණු සංඛ්‍යා 74 ක් වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ 4 වැනි කඩුල්ලත් දවාගැනීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී කණ්ඩායමේ සිටින ප්‍රවීණතම පිතිකරැවන් දෙදෙනා වූ නායක ළහිරැ තිරිමන්න ලකුණු 4 ක‍ටත්, දිනේෂ් චන්දිමාල් ලකුණු 5 කටත් දැවීයෑම සභාපතිගේ කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරවන්නක් විය.

කෙසේ වුවත් අසේල ගුණරත්න (47) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මිනෝද් භානුක (69), පසුව රමේෂ් මෙන්ඩිස් (නොදැවී 64) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 83 ක් සම්බන්ධතාවක්ද ගොඩනගමින් සභාපතිගේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. පන්දු 88 කට මුහුණදුන් මිනෝද් හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 56 කදී වාර්තා වූ අසේලගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ලකුණු 30 ක් ලබා සිටියදී හේඩ්න් වෝල්ෂ්ගේ පන්දුවක් හමුවේ ලබා දුන් උඩ පන්දුවක් බ්‍රෙන්ඩන් කිං අතින් ගිළිහීයෑම නිසා රමේෂ් මෙන්ඩිස්ට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට හැකි විය.

ලද අවස්ථාවෙන් නිසි ඵල නෙලාගත් මෙන්ඩිස්, සභාපතිගේ කණ්ඩායම් ඉනිම නිමාවන තෙක්ම නොදැවී කඩුල්ලේ රුඳී සිටි ‍අතර පන්දු 63 කදී වාර්තා වූ සිය අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර කළේය. ඊට ඉනිමේ අවසන් පන්දු‍දෙකේදී පිට පිට ගැසූ හතරේ පහරක් සහ හයේ පහරක්ද ඇතුළත් විය.

ජාත්‍යන්තර අත්දැකීම් සහිත මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ලාබාල ආරම්භක පිතිකරැ පැතුම් නිස්සංක, පන්දු 43 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 41 ක් රැස්කරමින් සභාපතිගේ කණ්ඩායමට නව ජවයක් එක් කළේය. එහෙත් අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී ‍රොස්ටන් චේස්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් දීම නිසා නිස්සංකට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.
 
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම
පැතුම් නිස්සංක - ඇ. සහ ප.චේස්    41   (43)
ළහිරැ තිරිමාන්න - ඇ.පොලාඩ් ප.හෝල්ඩර්      4    (20)
දිනේෂ් චන්දිමාල් - ප.‍පෝල්                          5   ( 12)
අසේල ගුණරත්න - ඇ.හෝප් ප.ඇලන්           47   (56)
භානුක රාජපක්ෂ - ඇ.බ්‍රාවෝ ප.චේස්               5     (9)
මිනොද් භානුක - ඇ.හෝප් ප.පෝල්              69    (88)
රමේෂ් මෙන්ඩිස් - නොදැවී                           64   (63)
අමිල අපොන්සු - ක.මු. කළා ප.වෝල්ෂ්            1     (5)
කසුන් රාජිත - දුවද්දී දැවී ගියා  (පෝල්)            6     (4)
විශ්ව ප්‍රනාන්දු - නොදැවී                                 3    (2)
අතිරේක                                                    31
එකතුව ඕවර 50 කදී කඩුුලු 8 ක් දැවී             276

පන්දුවට පහර නොදුන් පිතිකරු :
අසිත ප්‍රනාන්දු

කඩුලු වැටීම :
1-21(තිරිමාන්න), 2-47(චන්දිමාල්), 3-62(නිස්සංක), 4-74(රාජපක්ෂ), 5-143(ගුණරත්න), 6-226(මිනෝද්), 7-239(අපොන්සු), 8-246(රාජිත)

පන්දු යැවීම :
රොමාරියො ෂෙපර්ඩ් 9-0-62-0, ජේසන් හෝල්ඩර් 8-1-34-1, කීමෝ පෝල් 9-0-45-2, රොස්ටන් චේස් 9-1-57-2, හේඩ්න් වෝල්ෂ් 7-0-44-1, ෆේබියන් ඇලන් 5-1-17-1, කිරන් පොලාඩ් 3-0-14-0
 
බටහිර ඉන්දීය කොදෙව් පිල
‍බ්‍රෙන්ඩන් කිං - ඇ.මිනෝද් ප.අසිත                7     (10)
ශායි හෝප් - ක.මු. කළා ප.අපොන්සු           85   (102)
ඩැරන් බ්‍රාවෝ - ඇ.මිනෝද් ප.විශ්ව                3    (10)
රොස්ටන් චේස් - ප.විශ්ව                          136  (113)
සුනිල් ඇබ්‍රිස් - නොදැවී                               34   (44)
ෆැබියන් ඇලන් - නොදැවී                             0     (0)
අතිරේක                                                   11
එකතුව ඕවර 46.2 කදී කඩුලු 4 ක් දැවී         277
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
කිරන් පොලාඩ්, ජේසන් හොල්ඩර්, කීමෝ පෝල්, රොමාරියෝ ෂෙපර්ඩ් සහ හේඩ්න් වෝල්ෂ්

කඩුලු වැටීම :
1-20(කිං),  2-35(බ්‍රාවෝ), 3-186(හෝප්), 4-276(චේස්)

පන්දු යැවීම :
අසිත ප්‍රනාන්දු 7.2-0-39-1, විශ්ව ප්‍රනාන්දු 8.3-0-56-2, කසුන් රාජිත 10-0-66-0, අමිල අපොන්සු 10-0-47-1, රමේෂ් මෙන්ඩිස් 4.4-0-25-0, අසේල ගුණරත්න 6-0-41-0
 

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

චේස්ගේ ශතකය කොදෙව් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.