Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගේල් ශ්‍රී ලංකා පිලට එරෙහිව

ගේල් ශ්‍රී ලංකා පිලට එරෙහිව

editorial - 2021 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය පිලේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් ලබන මස මුලදී ශ්‍රී ලංකාවට එරෙහි පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී නැවතත් කණ්ඩායමට එක්වීමේ අපේක්‍ෂාවෙන් සිටී. ගේල් මෙම තරගාවලියට ක්‍රීඩා කළහොත්, ඉන්දියාවට එරෙහිව 2019 අගෝස්තු මාසයේදී ක්‍රීඩා කළ එක්දින තරගයෙන් පසු ඔහු ඕනෑම ආකාරයකින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව මෙය වන්නේය.

මේ වනවිට 41 වැනි වියේ පසුවන ජැමෙයිකානුවා පකිස්ථාන සුපර් ලීග් (පී.එස්.එල්) තරගාවලියෙන් ඉවත්වී සිය කණ්ඩායම සමගින් සම්බන්ධ වූ බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය සනාථ කරයි. පාකිස්තානු සුපර් ලීග් තරගාවලියේදී තරග දෙකකට පමණක් ක්‍රීඩා කළ ගේල් මේ වනවිට නැවතත් කැරිබියන් දූපත් වෙත පැමිණ ඇත.

මෙම සතිය අවසන් විමට පෙර විස්සයි-20 තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 

“මට කොදෙව් පිල වෙනුවෙන් සම්පූර්ණ තරගාවලියම ක්‍රීඩා කිරීමට අවශ්‍ය වූ නිසා පී.එස්එල් හැර යාමට සිදුවීම කනගාටුවට කරුණක්. ඒත් රසිකයින්ට සතුටු වීමට යමක් ලබා දීමට මට අවශ්‍යයි. පී.එස්.එල්. තරගාවලියේ දෙවන අදියර සඳහා නැවතත් ලාහෝර් වෙත යාමට මම බලාපොරොත්තු වෙනවා” යැයි යැයි ක්වේටා ග්ලැඩියේටර්ස් වෙනුවෙන් ක්‍රීඩා කළ ගේල් පැවසීය. 

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර ඇන්ටිගුවාහිදී පැවැත්වෙන විස්සයි/20 තරගාවලිය මාර්තු මස 3 වැනිදා (ශ්‍රී ලංකාවේ වේලාවෙන් මාර්තු 4 දා අලුයම 3.30 ට) ආරම්භ වේ. කෙසේ වෙතත් මාර්තු 7 වැනිදා පැවැත්වෙන අවසන් විස්සයි20 තරඟයෙන් පසුව පී.එස්.එල් හි ඉතිරි තරග සඳහා ක්‍රිස් ගේල් නැවත පාකිස්තානයට යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වසර අගදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව ඇති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී තමන්ගේ ශූරතාව ආරක්ෂා කිරීම සඳහා සූදානමක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව  විස්සයි20 තරගාවලිය භාවිතා කරනු ඇත. ගේල් මීළඟ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්නේ නම් එවිට ඔහුගේ වයස 42 ක් වනු ඇත.

- 2079


අදහස් (0)

ගේල් ශ්‍රී ලංකා පිලට එරෙහිව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.