Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලිට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක්

කෝලිට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක්

editorial - 2020 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කිංග්ස් XI පන්ජාබ් පිලට එරෙහිව ඊයේ (24 වැනිදා) පැවැති තරගයේදී නියමිත වේලාවට නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම හේතුවෙන් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලීට තරග තීරකවරයා විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක් පනවා ඇත. මෙම තරගයේදී තරග තීරකවරයා ලෙස ජවගල් ශ්‍රීනාත් මහතා කටයුතු කළේය.

ඉන්දීය ප්‍රීමියර් ලීග්හි ආචාරධර්ම පද්ධතිය යටතේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල විසින් මෙම වාරයේ සිදු කරන ලද පළමු වරද මෙයයි. එහි ප්‍රතිඵලයක් ලෙස කෝලිට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක් නියම විය.

ඩුබායිහිදී පැවැති තරගයේ පළමු පන්දු යැවීම තෝරාගත් කෝලී ඬේල් ස්ටේන්, උමේෂ් යාදව් සහ නව්දීප් සයිනි යන වේගපන්දු යවන්නන් තිදෙනෙකු පන්දු යැවීම සඳහා යොදා ගත්තේය. පළමු ඉනිම අවසන් කිරීම සඳහා කෝලීට පැයකුත් මිනිත්තු 51 ක් වැයවී ඇත.

- 2079


අදහස් (0)

කෝලිට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.