
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවන කණ්ඩායම් වල ක්‍රීඩකයින් නිදහස් කිරීමේ ප්‍රතිපත්තියට අනුව නම් දැරූ ක්‍රීඩකයින් කිහිප දෙනකුම ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ කණ්ඩායම් වලින් නිදහස් කර තිබේ.
මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංග, කිංග්ස් XI පන්ජාබ් පිලේ ග්ලෙන් මැක්ස්වෙල්, රාජස්තාන් රෝයල්ස් පිලේ ස්ටීවන් ස්මිත්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ ඒරන් ෆින්ච්, ඉසුරු උදාන, මොයින් අලී සහ ඩේල් ස්ටේන්, චෙන්නායි සුපර් කිංග්ස් පිලේ හර්බජාන් සිං ඇතුළු ක්‍රීඩකයින් රැසක්ම පසුගිය වසරේ සහභාගිවූ කණ්ඩායම් වලින් නිදහස් කර තිබේ.
ලසිත් මාලිංග මුම්බායි පිලෙන් ඉවත් කිරීමත් සමගින් මින් ඉදිරියේදී පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් වලින් ක්‍රීඩකයකු වශයෙන් සමුගන්නා බව ලසිත් මාලිංග ප්‍රකාශ කළේය. පසුගිය වසරේ රාජස්තාන් රෝයල්ස් පිලේ නායකයා ලෙස කටයුතු කළ ස්ටීවන් ස්මිත් ඉන් ඉවත්කර ඇති අතර ඔහු වෙනුවට සංජු සැම්සන් නායකත්වයට පත්කර ඇත.
කෙසේ වෙතත් 2021 අයි.පී.එල්. තරගාවලිය කණ්ඩායම් 10 ක් දක්වා විශාලනය කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වේ. එබැවින් ස්මිත්, ස්ටේන්, ෆින්ච් වැනි ක්‍රීඩකයන් වෙනත් කණ්ඩායම් වලින් මිලදී ගැනීමේ වැඩි අවස්ථාවක්ද තිබේ.
එක් එක් කණ්ඩායම් වලින් නිදහස් කරන ලද ක්‍රීඩකයන් මෙන්ම රඳවාගන්නා ලද ක්‍රීඩකයන් පහත දැක්වේ.
මුම්බායි ඉන්දියන්ස්
රඳවා ගත් ක්‍රීඩකයෝ
රෝහිත් ෂර්මා (නායක), ක්වින්ටින් ඩි‘කොක්, සූර්යකුමාර් යාදව්, ඉෂාන් කිෂාන්, ක්‍රිස් ලයන්, අන්මෝල්ප්‍රීත් සිං, සෞරබ් තිවාරී, ආදිත්‍ය තාරේ, කිරන් පොලාඩ්, හර්දික් පාණ්ඩ්‍යා, කුනාල් පාණ්ඩ්‍යා, අනුකුල් රෝයි, ජස්ප්‍රීට් බුම්රා, ටේරන්ට් බෝල්ට්, රාහුල් චාහර්, ජයන්ත් යාදව්, ධාවල් කුල්කර්ණි සහ මොහ්සිං ඛාන්
නිදහස් කරන ලද ක්‍රීඩකයෝ
ලසිත් මාලිංග, මිචෙල් මැක්ලෙනගන්, ජේම්ස් පැටින්සන්, නේතන් කූල්ටර්නයිල්, ශෙර්ෆේන් රදර්ෆෝර්ඩ්, ප්‍රින්ස් බල්වන්ත් රායි සහ දිග්විජේ දේශ්මුක්
සන්රයිසස් හයිද්‍රාබාද්
රඳවා ගත් ක්‍රීඩකයෝ
ඩේවිඩ් වෝනර් (නායක), අභිෂේක් ෂර්මා, බැසිල් තම්පි, බුවනේෂ්වර් කුමාර්, ජොනී බෙයාර්ස්ටෝ, කේන් විලියම්සන්, මනිෂ් පාන්ඩේ, මොහොමඩ් නබී, රෂීඩ් ඛාන්, සංදීප් ෂර්මා, ශබාස් නදීම්, ශ්‍රීවාත්ස් ගෝස්වාමී, සිද්ධාර්ත් කෞල්, ඛලීල් අහ්මඩ්, ටී.නටරාජන්, විජේ ශංකර්, රිදිමාන් සහා, අබ්දුල් සමාද්, මිචෙල් මාෂ්, ජේසන් හෝල්ඩර්, ප්‍රියාම් ගාර්ග් සහ විරාට් සිං.
නිදහස් කරන ලද ක්‍රීඩකයෝ
බිලී ස්ටැන්ලේක්, ෆේබියන් ඇලන්, යාරා ප්‍රිත්විරාජ්, සංජේ යාදව් සහ බී.සංදීප්
කොල්කටා නයිට් රයිඩර්ස්
රඳවා ගත් ක්‍රීඩකයෝ
ඔයින් මෝගන් (නායක), දිනේෂ් කාර්තික්, ශුබ්මන් ගිල්, රිංකු සිං, නිටිෂ් රානා, රාහුල් ටි්‍රපති, කම්ලේෂ් නාගර්කෝටි, කුල්දීප් යාදව්, පැට් කමින්ස්, ප්‍රසිද් ක්‍රිෂ්නා, ලොකී ෆර්ගසන්, සංදීප් වොරියර්, ශිවම් මාවී, වරුන් චක්‍රවර්ති, ඔන්ඩි්‍ර රසල්, සුනිල් නරේන් සහ ටිම් සේෆර්ට්
නිදහස් කරන ලද ක්‍රීඩකයෝ
ටොම් බැන්ටන්, ක්‍රිස් ග්‍රීන්, නිකිල් නායික්, එම්.සිද්ධාර්ත් සහ සිද්දේෂ් ලඩ්
දිල්ලි කැපිටල්ස්
රඳවා ගත් ක්‍රීඩකයෝ
ශ්‍රියාස් අයියර් (නායක), ශීකර් ධවාන්, ප්‍රිත්වි ෂෝ, අජින්ක්‍යා රහනේ, රිෂාබ් පාන්ට්, අක්ෂර් පතෙල්, අමිත් මිෂ්රා, ඉෂාන්ත් ෂර්මා, ආර්.අශ්වින්, ලලිත් යාදව්, හර්ෂල් පතෙල්, අවේෂ් ඛාන්, ප්‍රවීන් ඩුබේ, කගිසෝ රබාඩා, ඇන්රික් නෝයේ, මාකස් ස්ටොයිනිස්, ශිම්රන් හෙට්මියර්, ක්‍රිස් වෝක්ස් සහ ඩැනියෙල් සෑම්ස්.
නිදහස් කරන ලද ක්‍රීඩකයෝ
මෝහිත් ෂර්මා, තුෂාර් දේශ්පාන්ඩේ, කීමෝ පෝල්, සංදීප් ලැම්චේන්, ඇලෙක්ස් කේරී සහ ජේසන් රෝයි.
කිංග්ස් XI පන්ජාබ්
රඳවා ගත් ක්‍රීඩකයෝ
ලෝකේෂ් රාහුල් (නායක), ක්‍රිස් ගේල්, මංදීප් සිං, සර්ෆරාස් ඛාන්, මයන්ක් අගර්වාල්, නිකොලස් පූරන්, දීපක් හූඩා, ප්‍රභාසිම්රන් සිං, මොහොමඩ් සාමී, ක්‍රිස් ජෝර්ඩ්න්, දර්ෂන් නාල්කන්ඩේ, රවී බිෂ්නෝයි, මුරුගන් අශ්වින්, අර්ෂ්දීප් සිං, හර්ප්‍රීට් බ්‍රාර් සහ ඉෂාන් පොරෙල්.
නිදහස් කරන ලද ක්‍රීඩකයෝ
ෂෙල්ඩන් කොට්ටේරල්, ජේම්ස් නීෂම්, ක්‍රිෂ්නප්පා ගෞතම් සහ තජින්දර් සිං.
රාජස්තාන් රෝයල්ස්
රඳවා ගත් ක්‍රීඩකයෝ
සංජු සැම්සන් (නායක), බෙන් ස්ටෝක්ස්, ජොෆ්රා ආචර්, ජොස් බට්ලර්, රියාන් ප්‍රාග්, ශ්‍රීයාස් ගෝපාල්, රාහුල් තෙවාතියා, මහිපාල් ලොම්රෝර්, කාර්තික් ත්‍යාගී, ඇන්ඩෲ ටේ, ජයදේව් උනද්කාත්, මයන්ක් මර්කන්ඩේ, යශස්වී ජයිස්වාල්, අනුජ් රාවට්, ඩේවිඩ් මිලර්, මනන් වෝරා සහ රොබින් උතප්පා.
නිදහස් කරන ලද ක්‍රීඩකයෝ
ස්ටීව් ස්මිත්, ඔෂේන් තෝමස්, ආකාෂ් සිං, අන්කිත් රාජ්පුත්, වරුන් ඒරන්, ටොම් කරන්, අනිරුද්ධ ජෝෂී, ශෂාංක් සිං.
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්
රඳවා ගත් ක්‍රීඩකයෝ
විරාට් කෝලී (නායක), ඒ.බී.ඩිවිලියර්ස්, යුස්වේන්ද්‍ර චාහල්, දේව්දූත් පඩික්කාල්, නව්දීප් සයිනි, වොෂින්ටන් සුන්දර්, මොහොමඩ් සිරාජ්, කේන් රිචඩ්සන්, ඇඩම් සම්පා, ජොෂ් පිලිප්, ශබාස් අහ්මඩ්, පවන් දේශ්පාන්ඩේ.
නිදහස් කරන ලද ක්‍රීඩකයෝ
ඒරන් ෆින්ච්, ක්‍රිස් මොරිස්, ඉසුරු උදාන, මොයින් අලී, පවන් නෙගී, ගුර්කීරත් සිං, ශිවම් ඩුබේ, ඩේල් ස්ටේන්, පාර්තිව් පතෙල්, උමේෂ් යාදව්.
චෙන්නායි සුපර් කිංග්ස්
රඳවා ගත් ක්‍රීඩකයෝ
මහේන්ද්‍ර සිං දෝනි (නායක), එන්.ජගදීසන්, ආර්.ගයික්වාඩ්, කේ.එම්.අසීෆ්, රවින්ද්‍ර ජදේජා, ජොෂ් හෙසල්වුඩ්, කේ.ෂර්මා, අම්බති රයියදු, සුරේෂ් රයිනා, ඉම්රාන් තහීර්, ඩේවිඩ් චාහාර්, ෆෆ් ඩු ප්ලෙසි, ශර්දුල් ඨාකූර්, මිචෙල් සැන්ට්නර්, ඩ්වේන් බ්‍රාවෝ, ලුන්ගි න්ගිඩ්, සෑම් කරන් සහ එස්.ක්‍රිශෝර්
නිදහස් කරන ලද ක්‍රීඩකයෝ
හර්බජන් සිං, කේදර් ජාදව්, මුරලි විජේ සහ පියුෂ් චව්ලා
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.