Last Update  :  2025-07-01 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මෙහොමඩ් ශසාඩ්ට ගෙදර යන්න වෙයි

මෙහොමඩ් ශසාඩ්ට ගෙදර යන්න වෙයි

editorial - 2019 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදුව තිබේ. ඔහු වෙනුවට කඩුලු රැකීම සඳහා වමතින් පිත්ත හසුරුවන ඉක්‍රම් අලීඛිල් කණ්ඩායමට කැඳවා ඇත.

පාකිස්තානයට එරෙහිව පැවැති පුහුණු තරගයේදී මෙහොමඞ් ශසාඞ් ආබාධයට ලක්වුවද එම ආබාධ තත්වය තිබියදීම ඕස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව සමගින් පැවැති තරග දෙකටම ඔහු ක්‍රීඩා කළේය. ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු නොළබා දැවී ගිය ශසාඞ් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 7 ක් රැස්කළ අතර එම තරග 2 ම ඇෆ්ඝනිස්තානය පරාජයට පත්විය.

අයර්ලන්තයට එරෙහිව පසුගිය මාර්තු මාසයේදී එක්දින වරම් හිමිකරගත් ඉක්‍රම් අලීඛිල් තවමත් ක්‍රීඩාකර ඇත්තේ එක්දින තරග 2 ක් පමණි. පළමු තරගයේදී නොදැවී ලකුණු 5 ක් රැස්කර ඇති ඉක්‍රම් අලීඛිල්ට දෙවැනි තරගයේදී ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණි. අයර්ලන්තයට එරෙහිව ටෙස්ට් තරගයකට ක්‍රීඩාකර ඇති අලීඛිල් දේශීය එක්දින තරග 7 කට ක්‍රීඩාකර ඇත.

පසුගිය වසරේ පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නියෝජනය කළ ඉක්‍රම් අලීඛිල් තරග 4 කදී ලකුණු 185 ක් රැස්කර තිබූ අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 46.25 කි. නමුත් ඔහුගේ පන්දු 100 කදී ලකුණු ලබාගැනීමේ වේගය 59.87 ක තරම් පහළ මට්ටමක පැවැතුණි.

ඔහු 2016 වසරේදීද ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් වසය 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියද නියෝජනය කරනු ලැබීය.

නවසීලන්තයට එරෙහිව ඇෆ්ඝනිස්තානය මීළඟට සහභාගි වන තරගය හෙට (8 වැනිදා) ටෝන්ටන්හිදී පැවැත්වේ.

...


අදහස් (0)

මෙහොමඩ් ශසාඩ්ට ගෙදර යන්න වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.