
ඩයලොග් - සන්ඩේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තරගාවලියේ සම්මාන උළෙල මේ මස 16 වැනිදා පස්වරු 3.00 සිට නෙළුම් පොකුණ රංඟ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඩයලොග් - සන්ඩේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තරගාවලියේ අවසන් තේරීම් කොළඹ එන්.සී.සී. ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජයන්ත සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ස්වාධීන කමිටුවක අධීක්ෂණය යටතේ මෙම අවසන් තේරීම් කරන ලදි.
කාල්ටන් බර්නාන්ඩස් (කමිටු ලේකම්), ඔබි්‍ර කුරුප්පු (ක්‍රිකට් නිවේදක/ක්‍රීඩා මාධ්‍යවේදී), උපුල් සුමතිපාල (හිටපු ක්‍රිකට් ක්‍රීඩක), ලක්ෂ්මන් රණසිංහ (හිටපු ක්‍රිකට් ක්‍රීඩක/ක්‍රීඩා මාධ්‍යවේදී), රෝහිත කොට්ටච්චි (ජාතින විනිසුරු), දමින්ද කුරේ (ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති), හර්ෂ පෙරේරා (ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ උප සභාපති), තසීම් ජුන්කීර් (ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ ව්‍යාපෘති ලේකම්), මොරිස් ඩිලා’ ද සිල්වා (ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ විධාක සභික) සහ ඩී.එම්.එම්.ඒ.ඩී. දිසානායක (ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ විධාක සභික/ප්‍රාදේශීය නියෝජිත) යන මහත්වරු එම තේරීම් කමිටුවට ඇතුළත් වූහ.
ප්‍රධාන පාසල්, දෙවැනි පෙළ පාසල්, නැගී එන පාසල් සහ බාලිකා පාසල් යන කාණ්ඩ හතර යටතේ මෙම සම්මාන ප්‍රදානය සිදුකෙරන අතර එම කාණ්ඩ හතරේ සෑම කොටසකම ප්‍රධාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා බැගින් නිර්දේශිත නාම අතරට ඇතුළත් වනු ඇත. ඒ අනුව කොළඹ නාලන්දා විදුහලේ ලක්ෂිත රසාංජන මානසිංහ, බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ සන්තුෂ් ගුණතිලක, මහනුවර ත්‍රිත්ව විදුහලේ කවිෂ්ක සේනාධීර යන ක්‍රීඩකයෝ මෙවර ‘වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා නිර්දේශ වී සිටිති.
මෙම ක්‍රීඩකයන් තිදෙනාම ප්‍රධාන පාසල් කාණ්ඩයේ සම්මාන කිහිපයක් සඳහාම නිර්දේශ වී සිටින අතර එහිදී නාලන්දා විදුහල් කණ්ඩායමේ නායක ලක්ෂිත රසාංජන, දක්ෂතම පන්දු රකින්නා, දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ දක්ෂතම නායකයා යන සම්මාන තුන සඳහාම නිර්දේශ වී සිටියි. වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට අමතරව සන්තුෂ්ක ගුණතිලක සහ කවිෂ්ක සේනාධීර පිළිවෙලින් දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා සම්මාන දෙක සඳහා නිර්දේශ වී සිටින ක්‍රීඩකයන් අතරද ඉදිරියෙන්ම සිටිති.
දෙවැනි පෙළ පාසල් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සඳහා කරන්දෙණිය මැදි විදුහලේ සමිත් ඉසුරු, පිළියන්දල මැදි විදුහලේ චමෝද් සඳරු සහ හේෂාන් මධුෂංක නිර්දේශ වී සිටින අතර බාලිකා පාසල් කාණ්ඩයේ නැගී එන ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා රත්ගම දේවපතිරාජ විදුහලේ කවීෂා දිල්හාරි, නුගේගොඩ අනුලා විදුහලෙ ජනාධි අනාලි සහ ගම්පහ රත්නාවලි විදුහලේ රෂ්මි සිල්වා යන ක්‍රීඩිකාවෝ නිර්දේශ වී සිටිති.
ප්‍රධාන පාසල් කාණ්ඩය
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා
ලක්ෂිත රසාංජන මුණසිංහ (කොළඹ නාලන්දා විදුහල)
සන්තුෂ් ගුණතිලක (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)
කවිෂ්ක සේනාධීර (මහනුවර ත්‍රිත්ව විදුහල)
දක්ෂතම පන්දු රකින්නා
අමිත ධනංජය දාබරේ (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල)
ආදිත්‍යය සිරිවර්ධන (ගාල්ල රිච්ඞ්මන් විදුහල)
ලක්ෂිත රසාංජන මුණසිංහ (කොළඹ නාලන්දා විදුහල)
දක්ෂතම කඩුලු රකින්නා
තනුෂ්ක දිල්හාර පොල්ගම්පොළ (කොළඹ නාලන්දා විදුහල)
ශැනන් ප්‍රනාන්දු (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)
සිතාර හපුහින්න (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)
දක්ෂතම පන්දු යවන්නා
කමල් නානායක්කාර (මොරටුව වේල්ස් කුමර විදුහල)
කවිෂ්ක සේනාධීර (මහනුවර ත්‍රිත්ව විදුහල)
කළණ පෙරේරා (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)
දක්ෂතම පිතිකරු
සන්තුෂ් ගුණතිලක (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)
නිෂාන් මදුෂ්ක ප්‍රනාන්දු (මොරටු විද්‍යාලය)
නිපුන් ධනංජය පෙරේරා (වෙන්ප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
මොහොමඞ් ඉමිටියාස් ස්ලාසා (මරදාන සහිරා විදුහල)
ලක්ෂිත රසාංජන මුණසිංහ (කොළඹ නාලන්දා විදුහල)
මුදිත ලක්ෂාන් (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල)
හොදම කණ්ඩායම
කොළඹ තර්ස්ටන් විදුහල
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල
කොළඹ නාලන්දා විදුහල
හොදම නායකයා
සදරු ඩයස් (කොළඹ තර්ස්ටන් විදුහල)
ලක්ෂිත රසාංජන මුණසිංහ (කොළඹ නාලන්දා විදුහල)
සිතාර හපුහින්න (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල)
දෙවන පෙළ පාසල් කාණ්ඩය
වසරේ නැගී එන පාසල් ක්‍රීඩකයා
චමෝද් සදරු (පිළියන්දල මධ්‍ය විදුහල)
සමිත් ඉසුරු (කරන්දෙණිය මධ්‍ය විදුහල)
හේෂාන් මදුෂංක (පිළියන්දල මධ්‍ය විදුහල)
දක්ෂතම පන්දු රකින්නා
ඉෂාර මධුවන්ත (කරන්දෙණිය මධ්‍ය විදුහල)
චමෝද් සදරු (පිළියන්දල මධ්‍ය විදුහල)
පුලස්ති අනුරාධ (කෑගලු විද්‍යාලය)
දක්ෂතම කඩුළු රකින්නා
ජනෙත් කෞෂාල් (කරන්දෙණිය මධ්‍ය විදුහල)
සොහාන් ද ලිවේරා (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල)
රවිෂාන් පෙරේරා (කළුතර සිරිකුරුස විදුහල)
ආකාෂ් අකලංක (පිළියන්දල මධ්‍ය විදුහල)
දක්ෂතම පන්දු යවන්නා
හේෂාන් මදුෂංක (පිළියන්දල මධ්‍ය විදුහල)
නිම්නක ජයතිලක (මහනුවර ශාන්ත අන්තෝනි විදුහල)
රවිදු මදුෂංක (කරන්දෙණිය මධ්‍ය විදුහල)
සමිත් ඉසුරු (කරන්දෙණිය මධ්‍ය විදුහල)
දක්ෂතම පිතිකරු
ඉෂාර මධුවන්ත (කරන්දෙණිය මධ්‍ය විදුහල)
චමෝද් සදරු (පිළියන්දල මධ්‍ය විදුහල)
සොහාන් ද ලිවේරා (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
හේෂාන් මදුෂංක (පිළියන්දල මධ්‍ය විදුහල)
සමිත් ඉසුරු (කරන්දෙණිය මධ්‍ය විදුහල)
රවිදු මිලාන් (කරන්දෙණිය මධ්‍ය විදුහල)
හොදම දෙවන පෙළ කණ්ඩායම
පිළියන්දල මධ්‍ය විදුහල
මහනුවර ශාන්ත අන්තෝනි විදුහල
කරන්දෙණිය මධ්‍ය විදුහල
නැගී එන පාසල් කාණ්ඩය
හොදම පන්දු යවන්නා
නදීර ඉෂාන් (ගාල්ල විද්‍යාලෝක විදුහල)
කවිඳු මධුරංග (මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විදුහල)
වෙනුක් හෙට්ටිආරච්චි (කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය)
දක්ෂතම පිතිකරු
කිත්නුක අමරසිංහ (බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල)
විරාජ් හේමන්ත (නුගවෙල මධ්‍ය විදුහල)
කළණ මධුෂංක (අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විදුහල)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
නිසල් මාලිංග (ජා ඇල ක්‍රිස්තුරාජ විදුහල)
නෙෂික පෙරේරා (මෝදර ද ලාසාල් විදුහල)
සදරුවන් චින්තක (ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය විදුහල)
නැගී එන ප්‍රාදේශීය කණ්ඩායම්
බස්නාහිර පළාත්
ජා ඇල ක්‍රිස්තු රාජ විදුහල
මිනුවන්ගොඩ නාලන්දා පිරිමි විදුහල
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය
දකුණු පළාත්
ගාල්ල විද්‍යාලෝක විදුහල
ඇල්පිටිය ආනන්ද මහා විදුහල
බලපිටිය සිද්ධාර්ථ මහා විදුහල
මධ්‍යම පළාත්
කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල
කටුගස්තොට ශ්‍රී සුමංගල විදුහල
උතුරු පළාත්
මලියදේව ආදර්ශ විදුහල කුරුණෑගල
ඉබ්බාලගමුව මහා විදුහල
කාන්තා පාසල්
හොදම කණ්ඩායම
රත්ගම දේවපතිරාජ විදුහල
ගම්පහ රත්නාවලී බාලිකා විදුහල
නුගේගොඩ අනුලා විද්‍යාලය
නැගී එන ක්‍රීඩිකාව
කවීෂා දිල්හාරී (රත්ගම දේවපතිරාජ විදුහල)
ජනධි අනාලි (නුගේගොඩ අනුලා විදුහල)
රශ්මි සිල්වා (ගම්පහ රත්නාවලී බාලිකා විදුහල)
4G ඩයලොග් විශේෂ සම්මාන
වේගවත්ම ලකුණු 1000 - සන්තුෂ් ගුණතිලක (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)
වේගවත්ම කඩුලු 100 - කවිෂ්ක සේනාධීර (මහනුවර ත්‍රිත්ව විදුහල)
ඉනිමකදී කඩුලු 10 - නදීර ඉෂාන් (ගාල්ල විද්‍යාලෝක විදුහල)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.