Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලාන සංචිතයට සත්‍යා එක්වෙයි

ලෝක කුසලාන සංචිතයට සත්‍යා එක්වෙයි

යොහාන් භාසුර - 2020 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් ඕස්ට්‍රේලියාවේදී පෙබරවාරි මස 21 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට කෝඩුකාර තුන් ඉරියව් ක්‍රීඩිකා සත්‍යා සංදීපනී කැඳවා තිබේ.

දක්‍ෂ පිතිකාරියක් වන 20 හැවිරිදි සත්‍යා, නේපාලයේදී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා විස්සයි20 පිලට ඇතුළත් වූවාය. ඇය එහිදී මාලදිවයින් පිලට එරෙහිව නොදැවී ලකුණු 96 ක් රැස්කරමින් අවධානය දිනාගැනීමට සමත් වූවාය. හිටපු නායිකාවක් වන ඉනෝකා රණවීර, ඕෂදී රණසිංහ සහ ප්‍රසාදිනී වීරක්කොඩි තිදෙනා අතිරේක ලැයිස්තුවට වැටී සිටිති.  

සුපිරි පිතිකාරීනි චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ලබන 7 වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා පිල තරගාවලිය ආරම්භ වීමට සති දෙකකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට ගොස් අමතර පුහුණු තරග තුනකට සහභාගි වීමට සැළසුම්කර තිබේ.

පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී නවසීලන්තයට එරෙහිව ලබන 22 වැනිදා තරග කිරීමට නියමිතය.    

ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය:
චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), අනුෂ්කා සංජීවනී, හංසිමා කරුණාරත්න, ශෂිකලා සිරිවර්ධන, නිලක්‍ෂි ද සිල්වා, අමා කාංචනා, කවීෂා දිල්හාරි, උදේෂිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, සත්‍යා සංදීපනී, උමේෂා තිමේෂනී, සුරංගිකා කුමාරි සහ ඩිලානි මනෝදර

අතිරේක ක්‍රීඩිකාවෝ
සචිනි නිසංසලා, ප්‍රසාදිනී වීරක්කොඩි, ඕෂදී රණසිංහ, තාරිකා සෙව්වන්දි සහ ඉනෝකා රණවීර


අදහස් (0)

ලෝක කුසලාන සංචිතයට සත්‍යා එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.