Last Update  :  2019-11-14 11:43:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Badminton ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට යති

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට යති

ශානුක අරවින්ද - 2019 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා රුසියාවේ කසාන් නුවරදී පැවැත්වෙන 21 වැනි ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන්විත  ශ්‍රී ලංකා කණ්ඩායම අද (28 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා බාලක කණ්ඩායම කොළඹ නාලන්දා විදුහලේ ලෝචන ද සිල්වා, බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ විරේන් නෙත්තසිංහ, ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චමත් ඩයස් සහ තුලිත් පල්ලියගුරු ඇතුළත්ව සිටින අතර කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ චරිත් ඉල්පෙරුම එහි අතිරේක ක්‍රීඩකයා ලෙස කටයුතු කරයි.

මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමයේ ඩිල්මි ජයස්, මහනුවර මහාමායා විදුහලේ පංචාලි අධිකාරි, නුගේගොඩ අනුලා විදුහලේ චමුදි අබේවික්‍රම සහ ගාල්ල සදර්ලන්ඞ් විදුහලේ අනුරංගි මස්කෝරල යන ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සමන්විත වන අතර කොළඹ විශාකා විදුහලේ ජනනුවනි අමන්දා එහි අතිරේක ක්‍රීඩිකාව ලෙස කටයුතු කරන්නීය.

හිටපු ජාතික බැඞ්මින්ටන් ශූරියක් මෙන්ම ඔලිම්පික් බැඞ්මින්ටන් ක්‍රීඩිකාවක්ද වන තිළිණි ජයසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණය ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමයේ ලේකම් සමන් විජේසිංහ මහතා කලමණාකරු ලෙසද, මාලිකා වඩුගේ මහත්මිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙසද කණ්ඩායමට එක්ව සිටිති.

මෙවර ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලිය අදියර දෙකකින් සමන්විත වන අතර මිශ්‍ර කණ්ඩායම් තරගාවලියක් වන එහි පළමු අදියර මේ මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 5 වැනිදා දක්වා පැවැත්වේ. කේවල සහ යුගල තරගාවලියක් ලෙස පැවැත්වෙන දෙවැනි අදියර ඔක්තෝබර් මස 7 වැනිදා ආරම්භ වී 13 වැනිදා නිමාවට පත්වේ.

මිශ්‍ර කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයේ සෙසු රටවල් වන්නේ දකුණු කොරියාව, සිංගප්පූරුව, ස්ලෝවැකියාව සහ පේරු රාජ්‍යයි.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගම් මූලස්තාන ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරතව සිටින අතර ඔවුන්ට තරගාවලියට සහභාගිවීම සඳහා අවශ්‍ය සියලු වියදම් දැරීමට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය ඉදිරිපත්ව සිටියි.


ශ්‍රී ලංකා බාලක කණ්ඩායම
ලෝචන ද සිල්වා (කොළඹ නාලන්දා විදුහල), විරේන් නෙත්තසිංහ (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල), චමත් ඩයස් (ගාල්ල රිච්මන්ඞ් විදුහල), තුලිත් පල්ලියගුරු (ගාල්ල රිච්මන්ඞ් විදුහල) සහ චරිත් ඉල්පෙරුම (කොළඹ ඩී.එස්. සේනානායක විදුහල) - අතිරේක

ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම
ඩිල්මි ජයස් (මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය), පංචාලි අධිකාරි (මහනුවර මහාමායා විදුහල), චමුදි අබේවික්‍රම (නුගේගොඩ අනුලා විදුහල), අනුරංගි මස්කෝරල (ගාල්ල සදර්ලන්ඞ් විදුහල) සහ ජනනුවනි අමන්දා (කොළඹ විශාකා විදුහල) - අතිරේක

 



අදහස් (0)

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.