Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් තරග 24 වැනිදා සිට

බැඩ්මින්ටන් තරග 24 වැනිදා සිට

ශානුක අරවින්ද - 2020 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පලාත් බැඩ්මින්ටන්  සංගමය සංවිධානය කරන සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ විවෘත බැඞ්මින්ටන් තරගාවලිය පෙබරවාරි මස 24 වැනිදා සිට මාර්තු 1 වැනිදා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සහ වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම වසර (2020) තුළදී පැවැත්වෙන පළමු සමස්ත ලංකා පළමු කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමේ බැඩ්මින්ටන්  තරගාවලිය ලෙස මෙම තරගාවලිය හැඳින්විය හැකි අතර ඒ සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ සහ පාසල් නියෝජනය කරමින් තරගකරුවන් 1000 කට ආසන්න පිරිසක් සහභාගි වෙතැයි සංවිධාකයෝ බලාපොරොත්තු වෙති.

පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන ඉසව් 5 ද ඇතුළත්ව ඉසව් 32 කින් මෙම තරගාවලිය සමන්විත වේ. එහිදී කනිෂ්ඨ තරගකරුවන් සඳහා අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වසය කාණ්ඩ යටතේ බාලක බාලිකා දෙඅංශයෙන්ම කේවල සහ යුගල තරග පැවැත්වේ.

ජ්‍යෙෂ්ඨ තරගකරුවන් සඳහා එහිදී අවුරුදු 35 ට වැඩි, 40 ට වැඩි, 50 ට වැඩි සහ 60 ට වැඩි යන වසය කාණ්ඩ යටතේ පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම කේවල සහ යුගල තරග පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතර රුපියල් ලක්ෂ 5 ක මුදලක් ත්‍යාග වශයෙන් බෙදාදීමට නියමිත අතර එහිදී කනිෂ්ඨ තරගවල ජයග්‍රාහකයන් සඳහා වටිනා ක්‍රීඩා භාණ්ඩද, විවෘත සහ ජ්‍යෙෂ්ඨ තරගවල ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාගද ලබාදීමට නියමිතය. සියලුම ජයග්‍රාහික ජයග්‍රාහිකාවන් සඳහා පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.


අදහස් (0)

බැඩ්මින්ටන් තරග 24 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.