Last Update  :  2024-05-08 11:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ​යුද හමුදාව – නාවික හමුදාව අවසන් තරගයට
‘මංචි’ කුසලාන

​යුද හමුදාව – නාවික හමුදාව අවසන් තරගයට

editorial - 2023 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දිවයිනේ නමගිය වොලිබෝල් කාන්තා හා පිරිමි  කණ්ඩායම් 15කගේ සහභාගිත්වයෙන් ගාල්ලේදී දැන් පැවැත්වෙන ජාතික ශූරතා ‘මංචි’ කුසලාන වොලිබෝල් සුපර් ලීග් තරගමාලාවේ කාන්තා අවසන් මහ තරගයට යුද හමුදාව හා ගුවන් හමුදාව මෙවරත් සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටිති.

මෙය ගිය වරත් තරගාවලියේ අවසන් මහ තරගයට ප්‍රවේශ වුණු කණ්ඩායම් දෙකවීම කැපී පෙනේ. එහිදී ශූරතාව දිනා ගත්තේ ගුවන් හමුදාවයි. ඒ අනුව මෙවරත් එය රැක ගැනීම සඳහා ඔවුන් ප්‍රබල උත්සාහයක නිරතවනු ඇත. 

කණ්ඩායම් හතක් කාන්තා තරගාවලියට සහභාගි වුණු අතර  අවසන් පූර්ව වටය තෙක් පැවැති තරග 12කින් වඩාත්ම තියුණු මුහුණුවරක් ගත් තරගය වූයේ වට 5ක් දක්වා ඇදුණු එකම තරගය බවටද පත්වූ ගුවන් හමුදාව හා නාවික හමුදාව අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයයි.

එහි ජය ගුවන් හමුදාවට හිමි වූයේ වට 3-2කටය. මේ අතර සුපර් ලීග් පිරිමි තරගාවලිය ආරම්භයේදීම ගියවර ශූරයන් වන ගුවන් හමුදාව පොලිසිය හමුවේ වට 3-1ක අනපේක්ෂිත පරාජයක්  ලැබීය.

අද (8) තවදුරටත් ගාල්ල දඩැල්ල ජාතික වොලිබෝල් පියස ගෘහස්ථ පිටියේදී පිරිමි තරගාවලියේ මූලික වටය පැවැත්වෙන අතර සුපර් ලීග් කාණ්ඩයට පළමු වරට ඇතුළත් වූ ‘ඕෂන් ලංකා’ කණ්ඩායම වෙතින් මෙම තරගාවලියට වසර ගණනාවක් පුරා සහභාගි වන ප්‍රවීනතම කණ්ඩායමක් වන වරාය අධිකාරි කණ්ඩායම වට 3-2කට පරාජය  වීම තවත් කැපීපෙනුණු සිදුවීමක් විය. ඒ ලකුණු 15/25-25/21-25/17-18/25-15-11ක් පරිදිය.

අද පැවති තවත් තරග දෙකකදී විදුලිබල කණ්ඩායම වට 3-0කට නාවික හමුදාව පරාජය කළ අතර පොලිසියට ලැබූ පරාජයෙන් අවමානයට පත්  ගියවර ශූරයන් වන ගුවන්  හමුදාව එය තුනී කර ගනිමින් අද වෙස්ට් පැසිෆික් කණ්ඩායම වට 3-1කින් (25/16-25/27-25/20-25/15) පරාජය කිරීමට සමත් විය.

සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා හා පිරිමි අවසන් මහ තරග දෙකම දෙසැම්බර්  24 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදීය. පිරිමි තරගාවලියේ මූලික වටයේ ඉතිරි තරග  හා අවසන් පූර්ව තරග හෙට සහ අනිද්දා (9-10) ගාල්ලේදී තවදුරටත් පැවැත්වේ.

 

සුපර් ලීග් කාන්තා අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල 

♦ යුද හමුදාව විසින් නාවික හමුදාව වට  3-2කින් පරාජය කරන ලදී. 18/25-26/24-26/24-15/25-15/9
♦ ගුවන් හමුදාව විසින් හයිඩ්‍රාමනී කණ්ඩායම වට  3-0කින් (26/16-27/25-25/14) පරාජය කරන ලදී.
♦ තෙවැනි ස්ථානය තේරීමේ තරගය  
හයිඩ්‍රාමනී කණ්ඩායම විසින් නාවික හමුදා කණ්ඩායම වට 3/0කින් (25/23-25/19-25/15) පරාජය කරන ලදී. 


අදහස් (0)

​යුද හමුදාව – නාවික හමුදාව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.