Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකාවට පස්වැනි තැන

ශ්‍රී ලංකාවට පස්වැනි තැන

editorial - 2023 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නේපාලයේ කත්මණ්ඩු නුවර දී නිමාවට පත්වූ මධ්‍යම ආසියානු කුසලාන වොලිබෝල් (කාන්තා) තරගාවලියේ දී ලංකාව පස්වැනි ස්ථානය ලැබීය. මූලික වටයේ දී පරාජයට පත්වූ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත තරගයක දී කිරිකිස්ථානය වට 3-0කින් (25/11, 25/20, 25/14) කින් පරාජයට පත් කිරීමෙන් තරගාවලියේ පස්වැනි ස්ථානය ලබා ගත්තේය.

මෙම තරගාවලියේ දී උස්බෙකිස්ථානය හා කසකස්ථානයට මූලික වටයේ දී පරාජය වූ ශ්‍රී ලංකාව එහිදී මාලදිවයින සමග පැවැති තරගය 3-0 කින් ජය ගත්තේය.

ශ්‍රේණිගත තරග වටයේ දී ශ්‍රී ලංකාව බංග්ලාදේශය ද පරාජයට පත් කළේය. ඒ වට 3-0 කටය.

තරගාවලියේ ශූරතාව ඉන්දියාව විසින් අවසන් මහ තරගයේ දී කසකස්තානය වට 3-0 කින් (25/15, 25/12, 25/18) පරාජය කරමින් දිනා ගත්තේය. මෙහි ගියවර ශූරියන් වන නේපාලය අවසන් පූර්ව වටයේ දී කසකස්තානයට පරාජය විය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට පස්වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.