Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට සිට පිටියේ
මධ්‍යම ආසියානු වොලිබෝල්

ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට සිට පිටියේ

editorial - 2021 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බංග්ලාදේශයේ ‘ඩකා’ නුවර දී හෙට (23) ආරම්භවන මධ්‍යම ආසියානු වොලිබෝල් තරග මාලාවට සහභාගි වන ශ්‍රී ලංකාවේ තරග හෙට (23 වැනිදා) ආරම්භ වේ. මෙම තරගාවලිය අඟහරුවාදා (28) දක්වා පැවැත්වේ. කාන්තා සහ පිරිමි තරගාවලි දෙකේම අවසන් මහ තරග මේ මස 28 වැනිදා පැවැත්වීමට නියමිතය. 

කාන්තා තරගාවලියේදී ශ්‍රී ලංකාව  සිය පළමු තරගයට නේපාලයට එරෙහිව සහභාගි වීමට නියමිතය. 

වසර දෙකකට පසුව ශ්‍රී ලංකාව සිදුකරන පළමු ජාත්‍යන්තර වොලිබෝල් තරග සංචාරය මෙයයි. නව නායකත්වයක් යටතේ ජාතික වොලිබෝල් කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙක ‘ඩකා’ තරග සංචාරයට එක්ව සිටියි.

ජ්‍යෙෂ්ඨතම වොලිබෝල් ක්‍රීඩිකාවන් වන යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිළිණි වාසනා පළමු වතාවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය ලබාදෙයි. ලසිඳු නෙත්මල් වසන්තප්‍රිය ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායමේ නව නායකයාය. ඔහු වරාය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්, ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ දීර්ඝ කාලයක් නායකත්වය දැරූ කාලිත වසන්තප්‍රියගේ පුත්‍රයායි. 

ජාතික ක්‍රීඩා සභාව මෙම තරග සංචාරයට අනුග්‍රහය දැරූ බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි. 

පිරිමි තරගාවලියට රටවල් පහක් හා කාන්තා තරගාවලියට රටවල් පහක් තරග වදියි. 

මධ්‍යම හා දකුණු ආසියානු යන කලාප දෙකක රටවල් මෙම තරග මාලාවට එක්ව සිටිති. 

පසුගිය තරගමාලාව සඳහා ශ්‍රී ලංකාව සහභාගි නොවුණු අතර කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගි වන මෙම තරග මාලාව ඔවුන්ට වඩාත් වැදගත්කමක් වන්නේ වසර 2019 දෙසැම්බර් මාසයේ කත්මන්ඩු නුවර දී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී මුණ ගැසුණු දකුණු ආසියානු කලාපයේ රටවල් කීපයක්ම එහිදී මුණගැසීම තුළ දක්‍ෂතා තක්සේරුවකට පැමිණීමට හැකි වීමයි. 

ගාල්ල දඩල්ලේ ජාතික වොලිබෝල් පියසේ නේවාසිකව පුහුණුවීම් හදාරමින් සිටි ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් මෙම තරගමාලාව සඳහා සහභාගි වේ. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ධනාත්මක දේශනයක් සිදු කරමින් ඔවුන් දිරිගැන්වීමට එක් විය. 

මෙම මධ්‍යම ආසියානු වොලිබෝල් තරග මාලාවේ පිරිමි තරගාවලියේ ශූරයන්ට ‘බන්ගා බන්දු’ අභියෝග ශූරතා කුසලානය පිරිනැමේ.  කාන්තා තරගාවලියේ ශූරියන්ට ‘බන්ගා මාතා’ අභියෝග ශූරතා කුසලාන පිළිගැන්වේ. 

(කාන්තා) තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින අයුරු 
♦ දෙසම්බර් 23:- නේපාලයට එරෙහිව 
♦ දෙසැම්බර් 24:- කසකස්තානයට එරෙහිව 
♦ දෙසැම්බර් 26:- බංග්ලාදේශයට එරෙහිව 
♦ දෙසැම්බර් 27:- උස්බෙකිස්ථානයට එරෙහිව 

(පිරිමි) තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග වදින අයුරු
♦ දෙසැම්බර් 24:- මාලදිවයිනට එරෙහිව 
♦ දෙසැම්බර් 25:- උස්බෙකිස්ථානයට එරෙහිව 
♦ දෙසැම්බර් 26:- නේපාලයට එරෙහිව 

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට සිට පිටියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.