Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් විධායක සභාව අදම කැඳවයි

වොලිබෝල් විධායක සභාව අදම කැඳවයි

editorial - 2021 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරයට පත්වූ  සැනින්ම එහි විධායක සභාව  අද (5) පස්වරු 5.00 ට කැඳවීමට කංචන ජයරත්න මහතා පියවර ගෙන තිබේ. 

ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (4) පැවැති ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණයේදී, එහි හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති කංචන ජයරත්න මහතා,  නිතරගයෙන්  සභාපති තනතුරට පත්විය. ඔහු නිතරගයෙන් එම තනතුරට පත්වූයේ සභාපති තනතුරට නාමයෝජනා බාරදී සිටි, හිටපු සභාපති, නියෝජ්‍ය කථානායක රංජිත්  සියඹලාපිටිය මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස්කර ගැනීමෙනි.

සභාපතිවරයා නිතරගයෙන් පත්වූ නමුත් නිලවරණය උණුසුම් මුහුණුවරක් ගත්තේ උප සභාපති ධුර ඇතුළු ධුර කීපයක් තේරීම සඳහා ඡන්ද විමසුම් සිදු කළ බැවිනි. එහිදී උප සභාපති ධුර 6 ක් සඳහා පැවති ඡන්ද විමසුමේදී වොලිබෝල් සම්මේලනයේ හිටපු ලේකම්වරයකු වන බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න මහතා වැඩිම ඡන්ද සංඛ්‍යාවක් (141) ලබා ගත්තේය. 


කේ.ආර්.ඩී.සී. රත්නමුදලි (136), චන්දන විජේසිංහ (131), නිමල් පෙරේරා (128), ගුවන් කොමදෝරු පද්මන් ද කොස්තා (127), ටී.ඩී.එස්. ද සිල්වා (101) සහ සිසිර කුමාර වෙන්ඩකෝන් (පාසල් නියෝජිත නිල බලයෙන්) සෙසු උපසභාපතිවරු ලෙසින් තේරී පත්වූහ. 

උපසභාපති තනතුරු සඳහා තරග කළ මහින්ද සෙනරත් බණ්ඩාර (49) හා ජයසිරි පෙරේරා යන මහත්වරු පරාජයට පත්වූහ. බණ්ඩාර මහතා කොළඹ දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ වත්මන් සභාපතිවරයායි.

මේ අතර ප්‍රධාන සංවිධායක ධුරය සඳහා පැවති ඡන්ද විමසුම ජයගත් ධනපාල ජයපත්ම මහතා ඡන්ද 135 ක් ලබාගත්තේය. ක්‍රීඩා අමාත්‍යාංයේ හිටපු වොලිබෝල් ව්‍යාපෘති නිලධාරි ඒ.ඒ. ජයතිස්ස මහතා (59) එහිදී පරාජයට පත්වූයේය. 

ප්‍රධාන ලේකම් ධුරය සඳහා නැවත වරක් ඒ.එස්. නාලක මහතා නිතරගයෙන් පත්විය. කාරක සභාව සඳහා පැවති ඡන්ද විමසුමේදී ඡන්ද 135ක් ලබා වැඩිම ඡන්ද ගණනකින් කාරක සභික ධුරයට පත්වීමට අජිත් නෙත්තසිංහ මහතා සමත් විය. උදිත පුෂ්පකුමාර (39), එස්.ඩී.පොල්ගම්පල (31) හා කේ. යෝගරත්නම් (28) යන මහත්වරු කාරක සභාවේ තනතුරු අපේක්ෂා කළද පරාජය වූහ. 

සිය පත්වීමෙන් පසුව ‘ලංකාදීපයට’ යට අදහස් දැක්වූ වොලිබෝල් සම්මේලනයේ නව සභාපති කංචන ජයරත්න මහතා අද නව විධායක සභාව රැස්කර අනුකමිටු පත් කිරීමට පියවර ගන්නා බව පැවසීය. ඔවුන්ට එහිදී පුළුල් බලතල පවරන බවත් ජාතික පුහුණු සංචිත වහාම බල ගන්වමින් මෙම වසරට නියමිත ආසියානු වොලිබෝල් ශූරතා හා ආසියානු වෙරළ වොලිබෝල් ශූරතා සඳහා ශ්‍රී ලංකාවේ පෙර සූදානම වඩාත් ශක්තිමත් කරන බවත් වැඩිදුරටත් පැවසීය. 

ඊයේ පෙරවරු 10ට ආරම්භ වූ වොලිබෝල් සම්මේලනයේ නිලවරණය නිමාවන විට පස්වරු 4.00 ත් පසුවී තිබුණි. 

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ  නව විධායක සභාව 


සභාපති - කංචන ජයරත්න මහතා
ලේකම් - ඒ.එස්. නාලක මහතා 
භාණ්ඩාගාරික - තුෂාර සම්පත් මහතා 
ප්‍රධාන සංවිධායක - ධනපාල ජයපත්ම මහතා
උප සභාපතිවරු (7) -  බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න (141), කේ.ආර්.ඩී.සී. රත්නමුදලි (136), චන්දන විජේසිංහ (131), නිමල් පෙරේරා (128), ගුවන් කොමදෝරු පද්මන් ද කොස්තා (127), ටී.ඩී.එස්. ද සිල්වා (101) හා කුමාර වෙන්ඩකෝන් (පාසල් නියෝජිත නිල බලයෙන්). 
උප ලේකම් (ධුර 2) - සමන්සිරි අබේවර්ධන හා කාන්තසිරි  මීගමුවගේ  යන මහත්වරු 
උපභාණ්ඩාගාරික - අසංක රාජපක්‍ෂ මහතා 
ක්‍රීඩාංගණ ලේකම් - ක්‍රිෂාන්ති ජයවර්ධන මහත්මිය
කාරක සභාව (ධුර 11) - අජිත් නෙත්තසිංහ (135), සී.එච්. රත්නසේකර (112), මහේෂ් විජේරත්න (112), ඊ.ආර්. කුලතුංග (112), දීපාල් ඒකනායක (112), අරුණ ශාන්ත (108), ප්‍රභාත් ඉන්දික (106), සුදත් ලොකුගේ (101), ඒ. රවිචර්මන් (77), ලලිත් ප්‍රියන්ත යටවරගේ (77) සහ රේණුකා නිල්මිණි (කාන්තා නියෝජිත නිල බලයෙන්) යන මහත්ම මහත්මීහු


අදහස් (0)

වොලිබෝල් විධායක සභාව අදම කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.