Last Update  :  2025-10-21 23:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් තරග හෙට සිට

වොලිබෝල් තරග හෙට සිට

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කරන උතුරු මැද පළාත් පාසල් ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලිය හෙට (9) සිට 11 වැනිදා දක්වා අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

වයස 15 න් පහළ, 17 න් පහළ, සහ වයස 19 න් පහළ වයස් කාණ්ඩ තුනකින් බාලක සහ බාලිකා දෙඅංශයෙන් තරග තරගාවලියට ඇතුළත්ය. මෙම තරගාවලියට අධ්‍යාපන කලාප අටකින් පාසල් කණ්ඩායම් සහභාගිවීමට නියමිතය.

උතුර මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වයි.එම්.එච්.කේ. අබේකෝන් මහතාගේ උපදෙස් පරිදි තරගාවලිය සංවිධානය කෙරේ.


- 090

 


අදහස් (0)

වොලිබෝල් තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.