Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball අවසන් සටනට ශ්‍රී ලංකාව - උස්බෙකිස්තානය
මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය

අවසන් සටනට ශ්‍රී ලංකාව - උස්බෙකිස්තානය

editorial - 2023 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස පිටියේදී  හෙට (15) පස්වරු 4 ට පැවත්වෙන දෙවැනි මධ්‍යම ආසියානු අභියෝග ශූරතා  වොලිබෝල්  තරගාවලියේ  අවසන්  තරගයට ශ්‍රී  ලංකාව හා උස්බෙකිස්තානය සුදුසුකම්  ලබා  ගත්තේය.

අද (14) පස්වරුවේ ශ්‍රී  ලංකාව  මුහුණ  දුන් මූලික  වටයේ  අවසන් තරගයෙන්   බංග්ලාදේශය  වට 3 - 1කින් පරාජය  කිරීමට  සමත්  විය.ඒ ලකුණු 25/18 -25 /21 -19/25 - 25/23 ක් පරිදිය.

මෙතෙක්  තරගාවලිය  පුරා දස්කම්  දැක්වූ  ශ්‍රී  ලංකාව මුලික වටයේදී අද  අවසන්  තරගයෙන්ද  මුණ  ගැසෙන උස්බෙකිස්තානයට පමණක් පරාජයට (වට 3 - 1) පත් විය.

මුලික වටයේදී  ශ්‍රී  ලංකාව විසින් සෞදි  අරාබිය (වට 3 - 0), නේපාලය  ( 3 - 0) ඇෆ්ගනිස්තානය (3 - 1), පරාජයට  පත්  කරන ලදී.

ඒ අනුව  අද  පැවත්වෙන අවසන් තරගයේදී  ශ්‍රී  ලංකාව  දෙවැනි  වතාවටත්  මුණ  ගැසෙන උස්බෙකිස්තානය පරාජය  කිරීමේ  අභියෝගයට  මුහුණදී සිටී.

මේ අතර  තරගාවලියේ  තෙවැනි  ස්ටානය තේරීමේ  තරගය අද  රාත්‍රියේ පැවැත්වෙමින් තිබූ උස්බෙකිස්තානය හා නේපාලය  අතර  පැවැත්වෙමින් තිබූ මුලික වටයේ  අවසන්  තරගයෙන් පසුව  තීරණය වීමට නියමිතය.

ඒ එයින් පසුව ප්‍රසාද ලකුණු  සටහනේ අනතුරුව  තෙවැනි  හා සිව් වැනි ස්ටාන වලට  පත් වන කන්ඩායම් දෙක අතරයි. එම තරගය හෙට පස්වරු  1.30 ට ආරම්භ වෙයි.

හෙට  අවසන්  තරගයෙන්  පසුව  ජය  සංකේත ප්‍රධානෝත්සවය ක්‍රීඩා  ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ  සහභාගිත්වයෙන්  සිදු කෙරේ.


අදහස් (0)

අවසන් සටනට ශ්‍රී ලංකාව - උස්බෙකිස්තානය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.