Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත පීතරයෝ අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

ශාන්ත පීතරයෝ අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට අපරාජිතවම සුදුසුකම් ලබාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.

කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් පැවැති ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ තරග කණ්ඩායම් 9 බැගින් වූ ‘එක්ස්’ සහ ‘වයි’ යන අනු කාණ්ඩ දෙක යටතේ පැවැත්විණ. එහිදී දැක්වූ දස්කම් අනුව කණ්ඩායම් 4 බැගින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඉකුත් වසරේදී (2022) පැවැති තරගාවලියේදී ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත් වූ ශාන්ත පීතර විදුහල මෙවර තරගාවලියේ මූලික වටයේදී ‘එක්ස්’ අනු කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 8 ම ජයගනිමින් ලකුණු 37 කට හිමිකම් කීවේය.

කොළඹ ඉසිපතන, මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල පිළිවෙලින් ‘එක්ස්’ අනු කාණ්ඩයේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
 
මූලික වටයේදී ‘වයි’ අනු කාණ්ඩය යටතේ සහභාගි වූ තරග 8 න් 6 න් ජයගත් මීගමුව මාරිස්ටෙලා විදුහල ලකුණු 28 ක් ලබා එහි පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.

ගාල්ල මහින්ද විදුහල, ඉකුත් වසරේ අනු ශූරයන් වූ කොළඹ තර්ස්ටන් විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ‘වයි’ අනු කාණ්ඩයේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමිනි.


අර්ධ අවසන් පූර්ව වටය

■    බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව රත්ගම දේවපතිරාජ විදුහල
■    මාතර ශාන්ත සර්වේෂස් විදුහලට එරෙහිව ගාල්ල මහින්ද විදුහල
■    කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල
■    වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලට එරෙහිව මීගමුව මාරිස්ටෙලා විදුහල

 


අදහස් (0)

ශාන්ත පීතරයෝ අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.