Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ‘ලයන්ස් කුසලාන’ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රන් පදක්කම් 5 ක් හිමිකරගත් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම (ශ්‍රී ලංකා ලයන්ස් පිල) අද (2 වැනිදා) සමත්විය. මොහොමඞ් ඩිල්ෂාන්, දිනේෂ් සපරමාදු, අනුරුද්ධ රත්නායක, මලිත් ප‍්‍රභාෂ්වර, අනූෂා කොඩිතුවක්කු යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ එම රන් පදක්කම් වලට හිමිකම් කීහ.
අද දිනයේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනාදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ මොහොමඞ් ඩිල්ෂාන් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය. ලයිට් වෙල්ටර් බර පංතියෙන් (කි. ග‍්‍රෑ. 64) තරග වැදුන ඔහු, අවසන් මහ තරගයේදී කෙන්යාවේ ඩෙනිස් ඔකුත් පරාජය කළේය.
ඉතා තියුණු තරගයකින් අනතුරුව ෆ්ලයි බර පංතියේ (කි. ග‍්‍රෑ. 52) අවසන් මහ තරගයේදී අනුරුද්ධ රත්නායක හමුවේ පරාජයට පත්වූ පිලිපීනයේ ඉයන් ක්ලාර්ක් බියුටිස්ටා තරගාවලියේ දක්ෂතම පරාජිතයා බවට පත්විය. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙසින් තරගාවලියට එක්වූ අනුරුද්ධ රත්නායක, බොක්සිං කී‍්‍රඩාවෙන් ඉවත්ව සිට නැවත පැමිණීමෙන් පසු දිනාගත් පළමු ජාත්‍යන්තර රන් පදක්කම ලෙස මෙය හැදින්විය හැක.
අවසන් වටයට සහභාගීවූ එකම ශ්‍රී ලංකා කී‍්‍රඩිකාව වූ අනූෂා කොඩිතුවක්කු (ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම) කරට කර තරගයකින් පසුව තායිලන්තයේ සොපිඩා සතුරාම් පරාජය කරමින් ෆ්ලයි බර පංතියේ (කි. ග‍්‍රෑ. 48-51) රන් පදක්කම දිනාගත්තේය. එම තරගයේදී දැක්වූ දක්ෂතාවන් හේතුවෙන් අනූෂා කොඩිතුවක්කු, තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන හිමිකරගත් අතර සොපිඩා සතුරාම්, තරගාවලියේ දක්ෂතම පරාජිකාව ලෙස සම්මාන හිමිකරගත්තාය.
ලයිට් බර පංතියේ (කි. ග‍්‍රෑ. 60) රන් සහ රිදී පදක්කම් 2 ම ශ්‍රී ලංකාවට හිමිවූ අතර එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ දිනේෂ් සපරමාදු, ශ්‍රී ලංකා ‘බී’ කණ්ඩායමේ අනුරුද්ධ ගුණතිලක පරාජය කරමින් එහි රන් පදක්මට හිමිකම් කීවේය.
ලයිට් ෆ්ලයි බර පංතියේ (කි. ග‍්‍රෑ. 49) රන් සහ රිදී පදක්කම් වෙනුවෙන්ද ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් දෙදෙනකු අතර සටනක් පැවති අතර අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ගයාන් මධුෂාන් පරාජය කළ ශ්‍රී ලංකා ‘බී’ කණ්ඩායමේ මලිත් ප‍්‍රභාෂ්වර, එහි රන් පදක්කම දිනාගත්තේය.
තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 9 ක් හිමිවූ අතර සේනාංග නවරත්න, දිවාරත්න මල්ලවාරච්චිගේ, දමිත් විජේරත්න, මංජු වන්නිආරච්චි, ගයාන් ජයවීර, සුරේෂ් පට්ටිආරච්චි, ශිරෝමාලා වීරරත්න, ශෂිකලා චන්ද්‍රසේකර, ගිම්හානි ද සිල්වා යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ එම ලෝකඩ පදක්කම් වලට හිමිකම් කීහ.
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී දින 4 ක් පුරා පැවති මෙම තරගාවලියේ සමාප්ති උළෙල සඳහා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක, කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු ආරධිතයන් රැසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සහභාගීවූ අවසන් මහ තරග වල ප‍්‍රතිඵල
ලයිට් වෙල්ටර් බර පංතිය (කි. ග‍්‍රෑ. 64) - පිරිමි
මොහොමඞ් ඩිල්ෂාන් (ශ්‍රී ලංකාව) විසින් ඩෙනිස් ඔකුත් (කෙන්යාව) පරාජය කරන ලදී.
ලයිට් බර පංතිය (කි. ග‍්‍රෑ. 60) - පිරිමි
දිනේෂ් සපරමාදු (ශ්‍රී ලංකාව) විසින් අනුරුද්ධ ගුණතිලක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී.
ෆ්ලයි බර පංතිය (කි. ග‍්‍රෑ. 52) - පිරිමි
අනුරුද්ධ රත්නායක (ශ්‍රී ලංකාව) විසින් ඉයන් ක්ලාර්ක් බියුටිස්ටා (පිලිපීනය) පරාජය කරන ලදී.
ලයිට් ෆ්ලයි බර පංතිය (කි. ග‍්‍රෑ. 52) - පිරිමි
මල්ත් ප‍්‍රභාෂ්වර (ශ්‍රී ලංකාව) විසින් විසින් ගයාන් මධුෂාන් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදී.
ෆ්ලයි බර පංතිය (කි. ග‍්‍රෑ. 48-51) - කාන්තා
අනූෂා කොඩිතුවක්කු (ශ්‍රී ලංකාව) විසින් සොපිඩා සතුරම් (තායිලන්තය) පරාජය කරන ලදී.
ඡායාරූප - ශාන්ත රත්නායක
ලයන්ස් කුසලාන බොක්සිං තරගාවලියෙන් ...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.