Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හෝරා දෙකක්ම වැස්සට සේදෙයි

හෝරා දෙකක්ම වැස්සට සේදෙයි

editorial - 2020 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්තය සහ පාකිස්තානය අතර සදම්ප්ටන්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ අද (සෙනසුරාදා) වර්ෂාව හේතුවෙන් දිවා ආහාරයට පෙර එකම පන්දුවක් හෝ යැවිය නොහැකි විය. දෙපිලේම ක්‍රීඩකයෝ ක්‍රීඩාගාරයට වී කාඩ් සෙල්ලම් කරමින් සිටියහ.

විනිසුරුවරුන් විසින් පිටිය පරීක්ෂා කිරීමෙන් පසුව අද පෙරවරු 11.00 ට තරගය ආරම්භ කළ යුතුව තිබුණද දිගින් දිගටම පැවැති පොද වැස්ස නිසා තණතීරුවත් ඒ අවට හතරැස් කොටසත් සම්පූර්ණයෙන්ම ආවරණය කරදමා තිබිණ. එහෙත්, යම් හෙයකින්, එම වර්ෂාව ආරම්භ වීමට පෙර ක්‍රීඩකයන් පිටියේ සිටියා නම් ක්‍රීඩාව දිගටම කරගෙන යන්නට අවස්ථාව තිබුණේ සිහින් පොද වැස්ස ක්‍රීඩාවට බාධාවක් නොවන තරම් වූ බැවිනි.

කොරෝන වෛරසය නිසා කිසිදු ප්‍රේක්ෂකයෙකු නොමැතිව පැවැත්වෙන තරගයක් වෙනුවෙන් විදුලිය නාස්ති කිරීමත් අපරාධයක් ලෙසින් සැලකිණ. එහෙයින් ඒ වන විට ක්‍රියාත්මකව පැවැති විදුලි පහන්ද නිවාදමන ලදි. එයින් කියැවු‍ණේ දිවා ආහාරයට පෙර තරගය නොපැවැත්වෙන බවයි.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් පාකිස්තානය දෙවැනි දිනය නිමාවේදී සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 223   ක් ලබා සිටියේය.

තරගයේ පළමු දිනයේ සිටම වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර දෙවැනි දිනයේදීත් යැවිය හැකිවූයේ ඕවර 40 ක් පමණි. වේග පන්දු යවන්නන්ට වඩාත් හිතකර වූ අඳුරු ආලෝක තත්ත්වයක් තිබියදීත් ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 60 ක් ලබා ගත්තේය. පසුපෙළ පිතිකරුවකු වූ මොහොමඩ් අබ්බාස් පන්දු 20 කදී ලකුණු 2 ක් පමණක් ලබාගනිමින් රිස්වාන්ට අනගි සහයෝගයක් දුන් හෙයින් පාකිස්තානය ලකුණු 200 කඩයිම පසුකර ගියේය.

නොවැම්බර් මාසයේදී බ්‍රිස්බේන් හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ලකුණු 95 කට පසුව රිස්වාන් ටෙස්ට් තරග 8 කදී ලබාගත් දෙවන අර්ධය මෙයයි.

මීට වසර 11 කට පෙර, පිට දඟ පන්දු යවන ක්‍රීඩක ග්‍රේම් ස්වෝන්ට පසුව අඛණ්ඩව ටෙස්ට් ඉනිම හතකදී කඩුලු 3 ක් බැගින් දවාගත් පළමු එංගලන්ත පන්දු යවන්නා බවට ස්ටුවර්ට් බ්‍රෝඩ් පත්විය. බ්‍රෝඩ් ඕවර 25 ක් යවමින් ලකුණු 56 කට කඩුලු 3 ක් දවාගත්තේය.

ස්ටුවර්ට් බ්‍රෝඩ් මෙවර ගිම්හානයේදී පැවැති පළමු තරගයට තෝරා නොගත් නමුත් එතැන් සිට පැවැති ටෙස්ට් තරග 4 කදී කඩුලු 25 ක් දවාගෙන ඇත්තේ ලකුණු 12.88 කට කඩුල්ලක් වන පරිදිය.


පාකිස්තානය – පළමු ඉනිම කඩුලු 9 ට 223 යි
(අබීඩ් අලි 60, අසාර් අලි 20, බාබර් අසාම් 47, මොහොමඩ් රිස්වාන් නොදැවී 60, ජේම්ස් ඇන්ඩසන් 48/3, ස්ටුවර්ට් බ්‍රෝඩ් 56/3)

- 213

 


අදහස් (0)

හෝරා දෙකක්ම වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.