Last Update  :  2025-06-28 12:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හිටපු ශූරයන් පරදවමින් පානදුර අවසන් සටනට
අන්තර් සමාජ වි20

හිටපු ශූරයන් පරදවමින් පානදුර අවසන් සටනට

editorial - 2025 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට පානදුර ක්‍රීඩා සමාජය අද (13 වැනිදා) සමත් විය. ඔවුන් අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කරවා ගත්තේ එන්.සී.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 48 ක ජයක් වාර්තා කරමිනි. 

වර්ෂාව හේතුවෙන් එන්.සී.සී. කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ඕවර 13 කදී ලකුණු 123 ක ඉලක්කයක් හිමිවූ නමුත්, එහිදී ඔවුන්ට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 74 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ විෂ්ව ළහිරු සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර විෂේන් හැළඹගේ සහ සෙනිත හැළඹගේ කඩුලු 2 බැගින් දවාගනිමින් එන්.සී.සී. ජයග්‍රහණය වලක්වාලීම සඳහා ළහිරුට අනගි සහායක් දුන්හ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පානදුර ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 165 ක් ලබාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ විෂේන් හැළඹගේ පන්දු 26 කින් ලකුණු 55 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි. නිමේෂ් විමුක්ති පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 43 ක් රැස්කරමින් පානදුර ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. 

 

පානදුර පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 133 
(විෂේන් හැළඹගේ 55, නිමේෂ් විමුක්ති 43, දුෂාන් හේමන්ත 21, දුෂ්මන්ත චමීර 17/2) 

එන්.සී.සී. පිල - ඕවර 13 කදී කඩුලු 7 ක් දැවී 74  
(නිරෝෂන් දික්වැල්ල 19, ජීවක සෂින් 22, විෂ්ව ළහිරු 14/3, දුෂාන් හේමන්ත 21/2, සෙනිත හැළඹගේ 23/2) 


අදහස් (0)

හිටපු ශූරයන් පරදවමින් පානදුර අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.