Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හාට්ලිගේ පන්දු යැවීම එංගලන්තය දිනවයි

හාට්ලිගේ පන්දු යැවීම එංගලන්තය දිනවයි

editorial - 2024 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව හයිද්‍රාබාද් නුවර රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද (28 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද එංගලන්තයට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 231 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ටොම් හාට්ලිගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 202 ක් පමණි. තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක හාට්ලි ලකුණු 62 කට කඩුලු 7 ක් බිඳහෙළමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

තෙවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 316 ක් ලබා සිටි එංගලන්තය අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 104 ක් එක්කර ගත්තේය. එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ඔලි පෝප් හතරේ පහර 21 ක් සමග ලකුණු 196 ක් ලබා ද්විත්ව ශතකය පෙනී පෙනී සිටියදී ජයස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. 

 

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 246
ඉන්දියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 436
එංගලන්ත දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 420

(සැක් ක්‍රෙව්ලි 31, බෙන් කටින් 47, ඔලී පෝප් 196, බෙන් ෆෝක්ස් 34, රෙහාන් අහමඞ් 28, ටොම් හාට්ලි 34, ජස්ප්‍රීට් බුම්රා 42/4, රවිචන්ද්‍රන් අෂ්වින් 126/3, රවින්ද්‍ර ජදේජා 131/2) 
ඉන්දියාව දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 202 
(රෝහිත් ශර්මා 39, ලෝකේෂ් රාහුල් 22, ශිකාර් භාරත් 28, රවිචන්ද්‍රන් අෂ්වින් 28, ටොම් හාට්ලි 62/7) 

-036


අදහස් (0)

හාට්ලිගේ පන්දු යැවීම එංගලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.