Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සැක් ක්‍රෝලි එංගලන්ත ඉනිම ගොඩනගයි

සැක් ක්‍රෝලි එංගලන්ත ඉනිම ගොඩනගයි

editorial - 2020 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සදම්ප්ටන්හිදී අද (21 වැනිදා) ආරම්භවූ තෙවැනි ටෙස්ට් තරගය තේ පානය සඳහා නතර කරනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 4 ක් අහිමිකර ගනිමින් ලකුණු 184 ක් රැස්කිරීමට සමත්විය.

සැක් ක්‍රෝලි ලකුණු 97 ක් සහ ජොස් බට්ලර් ලකුණු 24 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර ඒ වනවිට ඔවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබුණි.

දිවා ආහාරයට තරගය නතර කරනවිට කඩුලු 2 ක් දැවී ලකුණු 91 ක් ලබාසිටි එංගලන්තය දිවා ආහාරය පසුව තේ පානය සඳහා තරගය නතර කරන තෙක් කාළය තුල තවත් කඩුලු 2 ක් අහිමිකර ගනිමින් ලකුණු 93 ක් රැස් කළේය.

එංගලනත්ත ලකුණු පුවරුව 12 ක් වනවිට ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ ශාන් මසූඞ් හට උඩපන්දුවක් දෙමින් පළමු කඩුල්ල ලෙස රොරී බර්න්ස් දැවී ගියේය. පළමු කඩුල්ල අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියද ඉන් නොසැලුණු ඩොම් සිබ්ලි සහ සැක් ක්‍රෝලි දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 61 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

යසීර් ෂාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව එංගලන්ත කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස සැක් ක්‍රෝලි දැවී යනවිට ලකුණු පුවරුව 72 ට කඩුලු 2 ක් ලෙස දිස්විය.

ලකුණු 29 ක් රැස්කර සිටියදී නසීම් ෂාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඞ් රිස්වාන් අතට උඩපන්දුවක් දෙමින් නායක ජෝ රූට් දැවී ගියේය. රූට් දැවීයන විට සැක් ක්‍රෝලි සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 41 ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබුණේය.

ඔලී පෝප්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාවක් ලබානොදුන් යසීර් ෂෘ, ඔහුව ලකුණු 3 කට පිටියෙන් ඉවත් කළේය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ජෝ රූට් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. කාසියේ වාසිය උරගා බැලීමට ආසන්න වනවිට වර්ෂාවෙන් බාධා ඇති වුවද නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට හැකිවිය.

වසර 10 ක් පුරා එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් පරාජය වී නැති පාකිස්තාන කණ්ඩායම, සිය අපරාජිත බව තවදුරටත් රැකගැනීමේ අරමුණින් ඊයේ සදම්ප්ටන්හිදී තරග බිමට පිවිසියේය.


එංගලන්ත පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 184
(ඩොම් සිබ්ලි 22, සැක් ක්‍රෝලි නොදැවී 97, ජෝ රූට් 29, ජොස් බට්ලර් නොදැවී 24, යසීර් ෂා 60/2)

- 2079


අදහස් (0)

සැක් ක්‍රෝලි එංගලන්ත ඉනිම ගොඩනගයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.