Last Update  :  2026-03-29 20:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්මිත් සම්පූර්ණ සුද්දයකට සූදානම්

ස්මිත් සම්පූර්ණ සුද්දයකට සූදානම්

ශනුක අරවින්ද - 2017 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පුහුණුවීම් කිරීමේදී පන්දුවක් වැදීම ටෙස්ට් තරගයකින් ඉවත් වීමට තරම් කාරණාවක් නොවේ. ඇරත් බොක්සිං දිනයේ (දෙසැම්බර් 26 වැනිදා) ආරම්භ වන ටෙස්ට් තරගයකින් ඉවත්ව සිටීමට තරම් එය කිසිසේත්ම ප්‍රමාණවත් නැත.

නත්තල්දාට පෙරදා පුහුණුවීම් කරමින් සිටි කැමරන් බැන්ක්‍රොෆ්ට් ගැසූ පහරකින් විදුලි වේගයෙන් ඇදී ගිය පන්දුව  ස්ටීවන් ස්මිත්ගේ අතට වැදුණු නමුත් එංගලන්තයට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන සිව්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට ඕස්ටේ්‍රලියානු නායකයා සූදානමින් සිටී. 28 හැවිරිදි ස්ටීවන් ස්මිත් කියා සිටියේ පන්දුව වැදුණු ඊයේත් අදත් තමන්ගේ අත වේදනා දුන් නමුත් සිව්වැනි තරගයටත් ක්‍රීඩා කරමින් එංගලන්තයට සුද්දයක් දීම තමන්ගේ බලාපොරොත්තුව බවයි.

“ටිකක් රිදෙනවා තමයි. ඒත් මම ඒක බලාගන්නම්. මම ඒකත් එක්ක සෙල්ලම් කරනවා” යයි ස්මිත් පැවසීය.

“පර්ත්වලදී පුහුණුවීම් කරන විටත් මෙතැනටම පන්දුව වැදුණා. තරගයේදීත් කීප වතාවක් වැදුණා...වැඬේ කියන්නේ පන්දුව වදින්න ගත්තාම එකම තැනට තමයි වදින්නේ” යයිද ස්මිත් පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව අයදිමින් කැමරන් බැන්ක්‍රොෆ්ට් කිහිප වතාවක්ම ස්මිත් වෙත පැමිණ තිබේ. එහෙත් ස්මිත් කියන්නේ හදිසි අනතුරු සාමාන්‍ය දෙයක් බවයි.

මේ  වන විටත් 3-0 ක් ලෙසින් අළු බඳුන තරගාවලිය ජයගෙන සිටින ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ එකම බලාපොරාත්තුව වී ඇත්තේ ඉතිරි තරග දෙකත් ජයගනිමින් එංගලන්තයට සම්පූර්ණ සුද්දයක් දීමයි. කෙසේ වෙතත් පාදයේ විලුඹ ආසන්නයේ ආබාධයකට ලක්ව සිටින මිචෙල් ස්ටාක් විවේක ගන්වමින් වෙනත් ක්‍රීඩකයකු ආදේශ කිරීමට ඕස්ටේ්‍රලියානු පිලට සිදුව තිබේ. ජැක්සන් බර්ඞ් එම ස්ථානයට එනු ඇත.

මෙල්බර්න් තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය තත්ත්වයක තිබේ. එහෙත් තමන්ගේ අධිවේගී පන්දු යවන්නන් සමගින් කුමන ආකාරයේ තණතීරුවකදී වුවද එංගලන්ත පිතිකරුවන් මෙල්ල කිරීම කළ හැකිබව ස්මිත් දනී. ඇරත් නේතන් ලයන් කණ්ඩායමේ සිටින බැවින් තණතීරුව දඟ කැවෙනසුළු වූවත් එන තත්ත්වයට මුහුණදීමට ස්මිත් සහ සගයන්ට පුළුවන.

“පසුගිය අවුරුදු දෙක පුරාම මෙතැනදී (මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී) අපට හොඳ ප්‍රතිඵල ලැබුණා. අපි නැවතත් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. කොහොම වුණත් පළමු ඉනිමේදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව වැදගත්” යයි කී ස්මිත්...

“දිගින් දිගටම දිනාගෙන යන්න අපට දැන් හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. මා මගේ කොල්ලන්ට කියන්නේ එකම දෙයයි”

“5-0 ගැන දැන්ම කරදර වෙන්න එපා. පළමුව මේ තරගය ජයගත යුතුයි” යයිද පැවසීය.

 


අදහස් (0)

ස්මිත් සම්පූර්ණ සුද්දයකට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.