Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සල්ලි නැතිව ක්‍රීඩා ඉසව් 28 ක් ලබන වසරේදී පැවැත්වෙයි
ජාතික මහ ක්‍රීඩා උළෙල

සල්ලි නැතිව ක්‍රීඩා ඉසව් 28 ක් ලබන වසරේදී පැවැත්වෙයි

editorial - 2022 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වියදම් සීමා කිරීම නිසා මෙම වසරට නියමිත 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් 28ක් පැවැත්වීමට ලබන වසරේ (2023) මාර්තු මාසය  දක්වා කල්යනු ඇතැයි වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍යාංශයට මහ භාණ්ඩාගාරය 2022 වසර සඳහා වෙන්කර තිබූ ප්‍රතිපාදන මේ වනවිට අවසන්ව තිබෙන බැවින් 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ එම ඉතිරි  ක්‍රීඩා ඉසව් පැවැත්වීම සඳහා වසර 2023 ට  කෙරෙන ප්‍රතිපාදන යොදා ගැනීම සිදුව ඇතැයිද ඒ අතර වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වුවත් 47 වැනි ක්‍රීඩා උළෙලේ මැරතන් ඇවිදිම පාපැදි තරග මාලාව පසුගියදා ගම්පහ  නගරයේදී පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කළේ පෞද්ගලික ආයතනයක අනුග්‍රහය ඒ සඳහා ලබා ගැනීමෙනි.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසන පරිදි  වසරේ රාජ්‍ය අනුග්‍රාහයෙන් පැවැත්වෙන ප්‍රධානතම ක්‍රීඩා උළෙල ජාතික මහ ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ආසන්න වශයෙන් රුපියල් කෝටි 20ක් වන  රාජ්‍ය මුදල් වැයකර  තිබේ.
එහිදී ක්‍රීඩා ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ එය එසේ වුවත් තමා මෙම වසරට නියමිත ක්‍රීඩා උළෙල උත්සව විශේෂංග වලින් බැහැර කර රුපියල් කෝටි දෙකකින් (2) පවත්වා අවසන් කිරීමට කටයුතු කරන  බවයි.

වසර 1972 සිට පවත්වාගෙන ආ ජාතික මහ ක්‍රීඩා උළෙල වසර 2020 සිට අභාග්‍යසම්පන්න තත්ත්වයකට මුහුණ දී තිබෙන අතර එහි දී 2020 හා 2021 යන වසර දෙකේ දී ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපොහොසත් වූයේ එම කාල වකවානුවල දී රට තුළ උද්ගතවූ කොවිඩ් අර්බුදය ප්‍රධානම හේතුව ලෙස දක්වමිනි.

වසර 2022 ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමේ බාධකය බවට ඒ අනුව පත්ව තිබෙන්නේ රටේ දැන් පවතිනව ආර්ථික අර්බුදයත් සමග ඒ සඳහා අරමුදල් සැපයීම රජයට දුෂ්කරවී තිබීමය.


අදහස් (0)

සල්ලි නැතිව ක්‍රීඩා ඉසව් 28 ක් ලබන වසරේදී පැවැත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.