ස්වාභාවිකත්වය ඉක්මවූ ආකල්පමය වෙනසකට ” යන්න තේමාපාඨය කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන එළිමහන් කි‍්‍රයාකාරකම් ඇතුළත් කී‍්‍රඩා ඉසව් ඇතුළත් ‘සබරගමු අභියෝගය’ වැඩසටහන මේ මස 25, 26 සහ 27 දිනවල බෙලිහුල්ඔය ආශි‍්‍රතව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යයනාංශය හා කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපන විෂය සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙහි කඳවුරු බැඳීම්, කඳුනැගීම්, ගොඩබිම් හා ජලයේ කි‍්‍රයාකාරකම් ඇතුළත් වික‍්‍රමාන්විත ඉසව් මාලාවේ එළිමහන් කි‍්‍රයාකාරකම් නන්පේරියල් කඳුවළල්ල, බෙලිහුල්ඔය හා සබරගමු විශ්වවිද්‍යාල පරිශ‍්‍රය ආශි‍්‍රතව පැවැත්වේ.
ජාතික විශ්වවිද්‍යාල 14 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ‘සබරගමු අභියෝගය’ වැඩසටහනට විශ්වවිද්‍යාලයකින් උපාධි අපේක්ෂකයින් 05 දෙනකුට සහ උපාධි අපේක්ෂිකාවන් 03 දෙනකුට සහභාගී විය හැකිය.
කි‍්‍රයාශීලී තරුණ ජවයට වෙනස් අත්දැකිමක් විඳගැනීමට ඉඩ සැලසෙන මෙම වැඩසටහනේ පරමාර්ථය වී ඇත්තේ ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට කී‍්‍රඩා හා ශාරීරික අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කරමින් ක‍්‍රීඩාවිද්‍යාව හා කළමනාකරණය සහ ශාරීරික අධ්‍යාපනය යන උපාධි පාඨමාලා පිළිබඳ හැදෑරීම දිරිගැන්වීමත් කී‍්‍රඩා පරිපාලනය සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ ක‍්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යනාංශයේ ඇති වැදගත්කම පෙන්වාදීමත්ය.
ක‍්‍රීඩාවිද්‍යාව හා ශාරීරික අධ්‍යාපන අධ්‍යනාංශය කෙරෙහි බාහිර පාර්ශවයන්ගේ ආකර්ශනය ඇතිකිරීම, මාධ්‍ය සහ අලෙවිකරණය යන විෂයන්ට අදාළව උපාධි අපේක්ෂකයින් ලබාගත් දැනුම ප‍්‍රායෝගිකව භාවිතා කිරිම, සමාජයේ බාහිර පුද්ගලයින් සමග සුහදව කටයුතු කිරීමෙන් එකිනෙකා අතර සහයෝගීතාව වර්ධනය කිරීම සහ කළමනාකරණ කි‍්‍රයාවලියේ ප‍්‍රායෝගික භාවිතයත් මෙම වැඩසටහනේ තවත් අරමුණු බව සංවිධායකයෝ පවසති.
වැඩසටහනට සහභාගි වන්නන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කුරුවිට යුදහමුදා කඳවුර, කී‍්‍රී‍්‍රඩා අමාත්‍යාංශයේ කී‍්‍රඩා වෛද්‍ය ඒකකය, බලන්ගොඩ මූළික රෝහළ හා අනෙකුත් අදාළ බාහිර පාර්ශවයන් සම්බන්ධවන බවද සංවිධයකයන් පවසති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.