Last Update  :  2024-05-09 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සත්කාරයේ වාසිය රුසියාවට

සත්කාරයේ වාසිය රුසියාවට

Nisanka Sandeepani - 2017 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු ලෝකයේ මහා සැණකෙළිය හෙවත් පාපන්දු ලෝක කුසලාන 2018 තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 32 අතරේ කුසපත් ඇදීම රුසියාවේ මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේදී අද (1 වැනිදා) රාත්‍රියේ පැවැත්වෙයි. මෙම කුසපත් ඇදීමේදී කණ්ඩායම් 32 ම ප්‍රාර්ථනාව වන්නේ තමන්ට වාසිදායක කාණ්ඩයකට වැටෙනු ඇතැයි යන්නයි. එසේ වුවහොත් පමණක් පිළිමළුන් පිටුදැකීමේ තරග වටය පැවැත්වෙන කණ්ඩායම් 16 අතරට සුදුසුකම් ලබාගත හැකිවනු ඇත. 

මූලික වටයේදී ‘කෙරුමා’ වන්නේ කවුරුන්ද නැතහොත් ‘පැවතීම හෝ නැතිවීම’ තීරණය කෙරෙන ‘මරණයේ කාණ්ඩයට’ වැටෙන්නේ කවුරුන්ද යන්න සිතමින් රටවල් 32 ක වෙසෙන කෝටි සංඛ්‍යාත පාපන්දු ලෝලීහු මහත් විපිළිසරව සිටිති. 

මෙම කුසපත් ඇදීමේදී බඳුන් 4 කින් තෝරාගනු ලබන කණ්ඩායම් කාණ්ඩයකට 4 ක් බැගින් වන කාණ්ඩ 8 කට වෙන්කෙරේ. ඉංග්‍රීසි ‘ඒ’ අක්‍ෂරයේ සිට ‘එච්’ අක්‍ෂරය දක්වා ඒවා නම්කෙරේ. 

පසුගිය වතාවලදී පළමු වැනි බඳුනට තෝරාගන්නා ලද්දේ පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවය. අනෙක් බඳුන් සඳහා කණ්ඩායම් තෝරා ගන්නා ලද්දේ සුදුසුකම් ලත් කණ්ඩායම් අයත් කලාපීය පාපන්දු සම්මේලනවල නිර්දේශයෙනි. එහෙත් මෙවර සියලුම බඳුන් සඳහා කණ්ඩායම් තෝරාගනු ලබන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවැති පාපන්දු ලෝක ශ්‍රේණිගත කිරීම් අනුවය. එහෙත් රුසියාව ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 65 වැනි ස්ථානයේ සිටියද තරගාවලියේ සත්කාරක රට වන හෙයින් පළමු වැනි බඳුනට වැටී තිබේ. 

වසර 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ විශේෂත්වය වන්නේ තුන් වතාවක් ලෝක කුසලාන දිනාගත් ඉතාලිය මෙවර තරගාවලියට සුදුසුකම් ලබා නැති වීමයි. 

 

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරග වලින් පසුව ඒ ඒ බඳුන් වලට වෙන් කරන ලද කණ්ඩායම්

 

මහාද්වීප අනුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලද කණ්ඩායම්

 


අදහස් (0)

සත්කාරයේ වාසිය රුසියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.