Last Update  :  2025-09-13 22:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංජීවනී අර්ධ අවසන් පූර්ව වටයට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

සංජීවනී අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 ෆෙදර් බර පංතිය යටතේ අද (2 වැනිදා) පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පාකිස්තානයේ එම්. මෙරීන් පරාජය කළ ශ්‍රී ලංකාවේ සංජීවනි කුරේ එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය.  

තරගයේ වට 3 අවසානයේ විනිසුරු තීරණ 5-0 කින් ජය ලැබූ සංජීවනී, පළමු වටය අවසානයේ ප්‍රතිවාදි ක්‍රීඩිකාවට වඩා ලකුණු 5 කින්ද, දෙවැනි වටයේදී ලකුණු 6 කින්ද, තෙවැනි වටයේදී ලකුණු 5 කින්ද ඉදිරියෙන් පසුවීමට සමත් වූවාය.

කිලෝ ග්‍රෑම් 57 ෆෙදර් බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ සංජීවනී සහභාගිවන තරගය දකුණු අප්‍රිකාවේ පිවෝකුලේ බුසිසිවේට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා (4 වැනිදා) පස්වරු 5.30 ට ආරම්භ වීමට නියමිතය.

 


අදහස් (0)

සංජීවනී අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.