Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (30) පස්වරුවේ ක්‍රීඩාව අත්හිටුවන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් දැවී ලකුණු 204 ක් රැස්කර සිටියේය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 8 ක් අතැතිව තවත් ලකුණු 156 ක් පසු පසින් සිටියි.
දෙවැනි දිනය අවසන් වන විට කමිඳු මෙන්ඩිස් (නොදැවී 79) සහ නායක අෂාන් ප්‍රියංජන් (නොදැවී 05) පන්දුවට පහර දෙමින් සිටියහ.
ආරම්භක පිතිකරු සංගීත් කුරේ අනගි ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 151 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 104 ක් රැස්කිරීමට සමත් විය.
බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 360 ක් රැස්කළහ.
එහිදී ටෙස්ට් ක්‍රීඩකයන් වන මොහොමඞ් මිතුන් (92), ජහුරුල් ස්ලාම් (90), මෙහෙදි හසන් (57) සහ සද්මාන් ස්ලාම් (53) අර්ධ ශතක රැස්කළහ.
දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් (57/3) සහ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු (59/3) කඩුලු තුන බැගින් දවාගැනීමට සමත් වූහ.
හෙට (01) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.
බංග්ලාදේශ ‘ඒ’ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී 360
(ජහුරුල් ස්ලාම් 90, සද්මාන් ස්ලාම් 53, මොහොමඞ් මිතුන් 92, සෞම්‍ය සාකර් 24, මෙහෙදි හසන් 57, අසිත ප්‍රනාන්දු 59/3, රමේෂ් මෙන්ඩිස් 57/3)
ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම කඩුලු 2 ට 204
(සංගීත් කුරේ 104, කමිඳු මෙන්ඩිස් නොදැවී 79)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.