Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගා - මහේල ප‍්‍රකාශය ගැන විනය කමිටුවෙන් විමසයි

සංගා - මහේල ප‍්‍රකාශය ගැන විනය කමිටුවෙන් විමසයි

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 21 Comment
A A A

 

විස්සයි 20 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේදී මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනා කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විනය කමිටුවේ අදහස් විමසා සිටීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කි‍්‍රකට් මූලස්ථානයේදී අද (21 වැනිදා) පැවැති විධායක කමිටු රැුස්වීමේදී මෙම තීරණය ගනුලැබ ඇත.

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විනයකමිටුව, ජනාධිපති නීතීඥ පාලිත කුමාරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව කි‍්‍රයාත්මක වේ.

විස්සයි 20 අන්තර්ජාතික කි‍්‍රකට් තරගවලින් සමුගැනීම සම්බන්ධයෙන් තමන්ගෙන් නොවිමසා මාධ්‍යයට අදහස් දැක්වූයේයැයි මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනා පසුගිය 8 වැනිදා දිවයිනට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරීන් දෙදෙනෙකුට චෝදනා කළහ.


අදහස් (21)

සංගා - මහේල ප‍්‍රකාශය ගැන විනය කමිටුවෙන් විමසයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.