Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.ආර්. ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති

editorial - 2025 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) හයවැනි සතියේ තරගයක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර සෙනසුරාදා (20 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 64-15 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. සී.අර්. කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජය මෙය විය. 

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධයේදී නිමාවට පත් වන විට සී.ආර්. කණ්ඩායම ලකුණු 31-03 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. එහිදී සී.ආර්. ක්‍රීඩකයන් ගෝල දිනුම් 3 ක් සහ උත්සාහත දිනුම් 2 ක් මගින් ලකුණු ලබාගත් අතර නාවික හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි. 

දෙවැනි විනාඩියේදී ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුමක් මගින් තවත් ලකුණු 33 ක් සිය ලකුණු මල්ලට එක්කර ගැනීමට සී.ආර්. ක්‍රීඩකයන් සමත් වෙද්දී, නාවික හමුදා ක්‍රීඩකයන්ට දඬුවම් උත්සාහක දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. මෙම තරගයේදී සී.ආර්. කණ්ඩායමේ දිමුත් පෙරේරා විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය. 

 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.