Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂිලාත් සික්සර්ස් පෙරමුණ ගනියි

ෂිලාත් සික්සර්ස් පෙරමුණ ගනියි

ශනුක අරවින්ද - 2017 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග 42 කින් සමන්විත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුලික වටයේ මුල් තරග 5 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ෂිලාත් සික්සර්ස් කණ්ඩායම සමත්ව තිබේ.

නසිර් හුසේන් විසින් ෂිලාත් සික්සර්ස් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර උපුල් තරංග, දනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග සහ චතුරංගද සිල්වා එම කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වෙති.

මේ වන විට තරග 2 කට සහභාගි වී ඇති ෂිලාත් සික්සර්ස් කණ්ඩායම එම තරග 2 ම ජයගනිමින් හිමි කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 කි.

ඩකා ඩයිනමයිට්ස්, රාංග්පූර් රයිඩර්ස් සහ කොමිලා වික්ටෝරියන්ස් යන කණඩායම් 3 ම එක් තරගය බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටින අතර දල ලකුණු වේගය අනුව එම කණ්ඩායම් 3 පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන වල රැදී සිටියි.

එහිදී තිසර පෙරේරා, කුසල් පෙරේරා, නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග රාංග්පූර් රයිඩර්ස් කණ්ඩායමටත්, කුමාර් සංගක්කාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරති.

පිට පිටම ලබාගත් අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 120 ක් ලබා සිටින ෂිලාත් සික්සර්ස් කණ්ඩායමේ උපුල් තරංග මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභින් අතර පෙරමුණේ පසුවෙයි.

කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමේ ඞ්වේන් බ්‍රාවෝ මෙතෙක් තරග වලදී වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර තරග 2 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 4 කි.

ඩකා ඩයිනමය්ට්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුමාර් සංගක්කාර, උඩපන්දු 3 ක් රැකගනිමින් වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට දායක වූ ක්‍රීඩකයා ලෙස මේ වන විට ඉදිරියෙන් සිටියි.  

 

කණ්ඩායම තරග  ජය පරාජය ලකුණු
ෂිලාත් සික්සර්ස් 2 2 0 4
ඩකා ඩයිනමයිට්ස් 2 1 1 2
රාංග්පූර් රයිඩර්ස් 1 1 0 2
කොමිලා වික්ටෝරියන්ස් 2 1 1 2
රාජෂායි කිංග්ස්  1 0 1 0
චිතගොං වයිකින්ස් 1 0 1 0
කුල්නා ටයිටන්ස් 1 0 1 0

 

-036

 


අදහස් (0)

ෂිලාත් සික්සර්ස් පෙරමුණ ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.