Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරතාව ආනන්ද විද්‍යාලයට
20 න් පහල බේස් බෝල් තරගාවලිය

ශූරතාව ආනන්ද විද්‍යාලයට

editorial - 2025 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(හෙට්ටිපොල ධම්මිකා බාලසූරිය)

මෙම වසරේ  වයස අවුරුදු 20 න් පහල බේස් බෝල් තරගාවලියේ ශූරතාවය කොලඹ ආනන්ද විද්‍යාලය විසින් දිනාගන්නා ලදි.

මේ වසරේ බේස්බෝල් තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා දියගම බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එහි අවසන් තරගයේදී කොලඹ ආනන්ද විද්‍යාලය සහ කොලඹ රාජකීය විද්‍යාලය තරග වැදුන අතර රාජකීය විද්‍යාලය පරාජය කරමින් ආනන්ද විද්‍යාලය ශූරතාවය හිමිකර ගන්නා ලදී. ලකුණු 10-0 ක් ලෙසින් අවසන් තරගය ජයගැනීමට ආනන්දය සමත් විය.

ශූරතාවට අමතරව තරගාවලියේ  සුවිශේෂී කුසලාන රැසක් ද ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයන් විසින් හිමිකර  ගන්නා ලදි. දක්ෂතම පිතිකරු ලෙස උදය සත්සර තේරී පත්වූ අතර දක්ෂතම පන්දු රකින්නා ලෙසින් ඉමේෂ් උඩවත්ත සම්මාන දිනාගත්තේය.  තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස උදාන සත්සර තේරී පත්විය.

ජයගාහී ආනන්ද  කණ්ඩායම මනුත් ජයසිංහ විසින් මෙහෙයවන ලදි. යසිදු කිරිඇල්ල උප නායකත්වය දරනු ලැබීය.   ජයනිඳු ප්‍රේමතිලක,  බිනඟ දුල්මෙන්, සඳරු මල්ශාන් , සහන් රන්දීප, නිලක්ෂ ෂෙනාර, ඉසුරු ස්වර්ණ කුමාර,  ප්‍රවීන් සංකල්ප, තරුල් මෙසඳු, මලිඳු කස්තුරිආරච්චි, පවන් මිහිරංග, දිනුජ දිනෙත් කොඩිතුවක්කු, සහිරු දිනීප සහ  ලෝචන මනුසත්  ආනන්ද විද්‍යාලයිය කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති.

කොළඹ ආනන්ද විද්‍යාලය  බේස් බෝල් තරගාවලියේ ශූරතාවය දිනා තිබුණේ 2006 වසරේදීය. වසර 19 කට පසුව නැවත ශූරතාවය හිමිකර ගැනීම විශේෂ ජයග්‍රහණයක්.වේ.

ආර්. ඒ. ඒ. රණසිංහ මහතා   බේස් බෝල් ක්‍රීඩාව භාර ආචාර්යවරයා ලෙස කටයුතු කරන අතර   නවීන්    අනුරාධ මහතා  ප්‍රධාන පුහුණුකරු   ලෙසත්  සසංග පවන් මහතා සහය පුහුණුකරු ලෙස කටයුතු කරති.


අදහස් (0)

ශූරතාව ආනන්ද විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.