Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් 4 ක් අසමත්

ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් 4 ක් අසමත්

රොෂාන් ගුණරත්න - 2021 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අද (12 වැනිදා) පැවැති අතර එම පරීක්‍ෂණයෙන් ක්‍රීඩකයෝ සිව් දෙනෙක් අසමත් වී සිටිති. ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්‍ෂ සහ ධනුෂ්ක ගුණතිලක ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වූ ක්‍රීඩකයෝ වෙති.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කියති.

මෙම යෝග්‍යතා පරීක්‍ෂණයට ක්‍රීඩකයෝ සිව් දෙනෙක් සහභාගි නොවූහ. ධනංජය ද සිල්වා සහ අවිෂ්ක ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් මෙම පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් නොවූ අතර කුසල් මෙන්ඩිස් සිය විවාහ උත්සවය හේතුවෙන් සහභාගි නොවීය. කොරෝනා වයිරසය ආසාධනය වීම හේතුවෙන් ළහිරු තිරිමාන්න මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටින්නේය.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ 36 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ක්‍රීඩකයින් 32 නෙකු මෙම පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් වූහ.


අදහස් (0)

ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් 4 ක් අසමත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.