Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අද (12 වැනිදා) පැවැති ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්‍ෂණයට ක්‍රීඩකයෝ සිව් දෙනෙක් සහභාගි නොවූහ. බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ 36 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ක්‍රීඩකයින් 32 නෙකු මෙම පරීක්‍ෂණය සඳහා ඉදිරිපත්වූ වූහ.
ධනංජය ද සිල්වා සහ අවිෂ්ක ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් මෙම පරීක්‍ෂණය සඳහා ඉදිරිපත් නොවූ අතර කුසල් මෙන්ඩිස් සිය විවාහ උත්සවය හේතුවෙන් සහභාගි නොවීය. කොරෝනා වයිරසය ආසාධනය වීම හේතුවෙන් ළහිරු තිරිමාන්න මේ වනවිටත් නිරෝධායනය වෙමින් සිටින්නේය.
නව පරීක්ෂණය, ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ විඳදරාගැනීමේ මට්ටම තීරණය කිරීමේ සම්මත ක්‍රමයක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මින් පෙර අනුගමනය කරන ලද යෝ-යෝ ක්‍රමය වෙනුවට ආදේශ කරන ලදී. නව පරීක්ෂණයට අනුව ක්‍රීඩකයින්ට කිලෝමීටර 2 ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35 ක කාල සීමාවක් තුළ ධාවනය කිරීමේ ඉලක්කයක් ක්‍රීඩකයන්ට ලබා දී ඇත.
“ලෝකයේ දැන් පවතින මට්ටමට අපි සකස් වෙන්න ඕන. ඉදිරියට යද්දී අපි මේ ඉලක්කයන් වෙනස් කරනවා. ..පන්දු යවන්නන්ට, පිතිකරුවන්ට සහ කඩුලු රකින්නන්ට විවිධ කාල ඉලක්කයන් ලබා දෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භෞතික කාර්ය සාධන කළමනාකරු ග්‍රාන්ට් ලුඩන් මහතා පැවසීය.
“ක්‍රීඩකයෙකු මෙම පරීක්‍ෂණයෙන් අසමත් වුවහොත් ඔහුට දින 40 ක් ඇතුළත තවත් පරීක්ෂණයක් කළ හැකි අතර මේ වසර අවසානයේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයට පෙර අවම යෝග්‍යතා ප්‍රමිතීන් ලබා ගැනීම තමයි අපේ අදහස” යැයි ද ලුඩන් මහතා තවදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.