Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට සවි එසවීමේ ආසියානු පදක්කම් 12 ක්

ශ්‍රී ලංකාවට සවි එසවීමේ ආසියානු පදක්කම් 12 ක්

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොංගෝලියාවේ උලන්බතාර් නුවරදී පැවැති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේ සමස්ත ඉසව්වලදී රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගාවලියේ ප්‍රධානම කාණ්ඩය වන විවෘත කාණ්ඩයේ කාන්තා ඉසව්වලදී රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කමක්ද, පිරිමි ඉසව්වලදී රිදී පදක්කම් 2 ක්ද ශ්‍රී ලංකාවට හිමිවිය. එහිදී රන්දුණු ගීතිකා සහ මේරියන් ද සොයිසා ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනාදුන් අතර රන්සිළු ජයතිලක, ප්‍රදීප් කුමාර සහ කුමාරි දිල්රුක්ෂි රිදී පදක්කම් දිනාගත්හ.

ශ්‍රී ලංකාවට හිමිවූ සෙසු රන් පදක්කම දිනා දුන්නේ වයස 18 න් පහළ බාලක කනිෂ්ඨ ඉසව්වට සහභාගි වූ එම්. ප්‍රභාෂ්වරයි. එම කාණ්ඩයෙන්ම තරග වැදුණ නිවේන්ද්‍ර සිල්වා සහ මහේෂ් මැදපටබැදි රිදී පදක්කම් දිනාගැනීමට සමත් වූහ. එම වයස් කාණ්ඩයේ බාලිකා ඉසව්වට සහභාගි වූ මිනෝලි ක්‍රිස්ටියන්ද රිදී පදක්කමකට හිමිකම් කීවාය.

ඊට අමතරව වයස 40 න් ඉහළ ප්‍රවීණයන්ගේ ඉසව්වට සහභාගි වූ හිරාන් ගාල්ලගේද ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදුන්නේය. වයස 23 න් පහළ බාලක කනිෂ්ට ඉසවන් තරග වැදුණ විකුම් පෙරේරා සහ වයස 50 න් ඉහළ ප්‍රවීණයන්ගේ ඉසව්වෙන් තරග වැදුණ මෝතිලාල් ජයතිලක ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වූහ.

විවෘත පිරිමි කාණ්ඩයේදී රිදී පදක්කමක් දිනාගත් ආසියානු වාර්තා ලාභී රන්සිළු ජයතිලකගේ පියා වන මෝතිලාල් ජයතිලක මහතා මෙම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

ශ්‍රී ලංකාවට අමතරව තවත් ආසියානු රටවල් 21 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 ක් පමණ මෙම තරගාවලියට සහභාගි වූහ.

සමස්ත ඉසව්වලදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

රන් පදක්කම් - 3
රන්දුණු ගීතිකා, මේරියන් ද සොයිසා (විවෘත කාන්තා) සහ එම්. ප්‍රභාෂ්වර (වයස 18 න් පහළ බාලක)

රිදී පදක්කම් - 7
රන්සිළු ජයතිලක සහ ප්‍රදීප් කුමාර (විවෘත පිරිමි), කුමාරි දිල්රුක්ෂි (විවෘත කාන්තා), නිවේන්ද්‍ර සිල්වා සහ මහේෂ් මැදපටබැදි (වයස 18 න් පහළ බාලක), මිනෝලි ක්‍රිස්ටියන් (වයස 18 න් පහළ බාලිකා) සහ හිරාන් ගාල්ලගේ (වයස 40 ට ඉහළ ප්‍රවීණ)

ලෝකඩ පදක්කම් - 2
විකුම් පෙරේරා (වයස 23 න් පහළ බාලක) සහ මෝතිලාල් ජයතිලක (වයස 40 ට ඉහළ ප්‍රවීණ)

-036


අදහස් (0)

ශ්‍රී ලංකාවට සවි එසවීමේ ආසියානු පදක්කම් 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.