Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට 3-0 ක ජයක්
වොලිබෝල්

ශ්‍රී ලංකාවට 3-0 ක ජයක්

editorial - 2021 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මාලදිවයින සමග පැවැති වොලිබෝල් (පිරිමි) තරගාවලිය 3-0 කට ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

‘මාලේ’ නුවරදී තරගාවලිය පැවැත්වුණි.

මෙම 23 වැනිදා බංග්ලාදේශයේ ‘ඩකා’ නුවරදී ආරම්භවන මධ්‍යම ආසියානු වොලිබෝල් (පිරිමි) තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා වොලිබෝල් (පිරිමි) කණ්ඩායමට පෙරහුරුවක් ලෙස මෙම මාලේ තරග සංචාරය සූදානම් කෙරුණි.

අගමැති මහින්ද රාජපක්‍ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය නැරඹීමට මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතාගෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කළ ඉල්ලීමකට ප්‍රතිචාර පළවෙමින් මෙම මාලේ වොලිබෝල් තරග සංචාරය සංවිධානය කෙරුණි.

ලසිඳු නෙත්මල්ගේ නව නායකත්වයෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම යොවුන් නවක ක්‍රීඩකයන් බහුතරයකගෙන් සමන්විත විය. තරගාවලියේ තරග තුනම නැරඹීමට මාලදිවයින් ජනාධිපතිවරයා ක්‍රීඩාංගණයට පැමිණ සිටියේය.


තරගාවලියේ ප්‍රතිඵල
♦ පළමු තරගය:- ශ්‍රී ලංකාවට වට 3–0ක (25/13, 25/14, 25/18) ජයක්
♦ දෙවැනි තරගය:- ශ්‍රී ලංකාවට වට 3-0ක (25/19, 25/21, 25/23) ජයක්
♦ තෙවැනි තරගය:- ශ්‍රී ලංකාවට වට 3-0ක (25/17, 25/17, 25/19) ජයක්


අදහස් (0)

ශ්‍රී ලංකාවට 3-0 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.