Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙය වන අතර ඔවුන් එම ජයග්‍රහණය ලැබුවේ 1996 ලෝක කුසලාන ජයගත් ලාහෝර් ක්‍රීඩාංගණයේදීම වීමද සුවිශේෂී සිදුවීමකි. මෙම තරගාවලිය ආරම්භ වීමට පෙර පාකිස්තානය විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටි අතර ශ්‍රී ලංකාව එහි 8 වැනි ස්ථානයේ පසුවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ලකුණු 147 කට සීමා කිරීමට නුවන් ප්‍රදීප් සහ වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් ප්‍රදීප් ලකුණු 25 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වෙද්දී, ඔහුට අනගි සහායක් දුන් වනිඳු හසරංග එකම ඕවරයක් තුළ කඩුලු 3 ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 38 ක් ලබාදෙමිනි.
ලකුණු 52 කට කඩුලු 5 ක් බිඳවැටී අසරණ තත්වයකට පත්ව තිබූ පාකිස්තාන කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් ඉමාඞ් වසීම් (47) සහ අසීෆ් අලී (29) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පාකිස්තාන කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 20 ක් තුළ බිඳවැටුණ අතර 16 වැනි ඕවරයේදී ඉමාඞ් වසීම් දවාගැනීමට ඉසුරු උදාන සමත් වීමත් සමග පාකිස්තාන කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ විය.
පාකිස්තාන ඉනිමේ 8 වැනි ඕවරය ක්‍රියාත්මක කළ වනිඳු, එම ඕවරයේ තෙවැනි පන්දුවේදී අහමඞ් ශේෂාඞ්ගේ (13) කඩුල්ල බිඳ දැමූ අතර තෙවැනි පන්දුවේදී උමාර් අක්මාල් (0) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. ඉන් නොනැවතුණ වනිඳු, අවසන් පන්දුවේදී සර්ෆරාස් අහමඞ්ගේ කඩුල්ලද බිඳ දැමුවේ ඔහු හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක් ලබා සිටියදීය.
කසුන් රාජිතගේ පන්දුවකට ස්කූප් පහරක් ගැසීමට උත්සාහ කිරීමේදී පාදයේ වැදුණ පන්දුව කඩුල්ල තුළට ඇදී ඒම නිසා ෆකාර් සමාන්ට ලකුණු 6 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. පාකිස්තාන කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස බාබර් අසාම් දැවී ගියේද එවැනිම ආකාරයෙනි. පිත්තේ ඇතුළත දාරයේ වැදුණු නුවන් ප්‍රදීප්ගේ පන්දවක් කඩුල්ල මත පතිත වීම හේතුවෙන් බාබර්ගේ ඉනිම ලකුණු 3 කට සීමා විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් රැස්කළේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 48 කදී ලකුණු 77 ක් රැස්කළේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ෂෙහාන් ජයසූරිය (34) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 94 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද භානුක සමත් විය.
ෂෙහාන් දුවද්දී දවාගැනීමට අසීෆ් අලී සමත් වීමත් සමගම එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර දැවී යන විට පන්දු 28 කට මුහුණදී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ. ෂෙහාන්ගේ දැවී යෑමෙන් පන්දු 4 කට පසුව භානුකද දැවී ගියේ ශදාබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ ෆකාර් සමාන් අතට උඩ පන්දුවක් දෙමිනි.
ඔහුගේ දැවීයෑමෙන් අනතුරුව පිටියට පිවිසි මිනෝද් භානුකට මුහුණදීමට හැකි වූයේ එක් පන්දුවකට පමණි. එහිදී ඔහු ලකුණු නොළබාම දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ දුවද්දී දැවීයෑමකට හසු වූ තෙවැනි පිතිකරුවා බවට පත් වෙමිනි.
පස්වැනි ඕවරයේ අවසන් පන්දුවේදී නොතිබූ ලකුණක් ලබාගැනීමට ගත් උත්සාහයක් වැරදී යෑමෙන් අවිෂ්ක ප්‍රනාන්දු දැවී ගියේය. ශදාබ් ඛාන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවන විට අවිෂ්ක ලබා සිටියේ ලකුණු 8 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දීමේ උත්සාහයක නිරත වූ ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල ලෙස ලකුණු 15 කට දැවී ගියේ ඉමාඞ් වසීම්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඞ් අතට උඩ පන්දුවක් දෙමිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.