Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව 3-1 කින් ඇෆ්ඝනිස්ථානය පරදවයි
මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය

ශ්‍රී ලංකාව 3-1 කින් ඇෆ්ඝනිස්ථානය පරදවයි

editorial - 2023 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී දැන් පැවැත්වෙන මධ්‍යම ආසියානු  ශූරතා (පිරිමි) වොලිබෝල් තරාවලියේ අද (13) පැවති තරගයකදී ඇෆ්ගනිස්ථානය වට 3-1 කින් (25/19, 18/25, 25/22, 25/17) පරාජයට පත් කළ ශ්‍රී ලංකාව අනිද්දා (15) පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. අද (14) ඒ අනුව තරගාවලියේ (මූලික ලීග වටය නිමාවට පත්වන ශ්‍රී ලංකාවට තවත් එක් තරගයක් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට ඉතිරිව තිබෙන නමුදු එම තරගයේ තීරණය ශ්‍රී ලංකාවට අවසන් මහ තරගයට පිවිසීමට බාධාවක් නොවේ.

ශ්‍රී ලංකාව දෙවැනි වතාවටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ගියවර  (2021) ශූරයන් වන බැවින් මෙවරත් අවසන් මහ තරයට පිවිසීමෙන් එය තවදුරටත් රැකගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී තිබේ.

මේ අතර අද පෙරවරුවේදී පැවැති තරගයකදී සෞදි අරාබිය විසින් නේපාලය වට  3-2 කින් පරාජය කරන ලදී. එහිදී සෞදි කණ්ඩායම තරගාවලියේ පළමු ජය වාර්තා කළේ ලකුණු 25/22, 21/25, 25/23, 25/27, 16/17 ක් පරිදිය. බංග්ලාදේශය හා නේපලය ඒ සඳහා වැඩි අවස්ථාවක් උදාකර ගෙන තිබෙන නමුත් මූලික වටයේ නිමාව සිදුවන හෙට (14) දිනයේ තවත් තරග තුනක් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව හෙට පස්වරු  1.30ට ඇෆ්ගනිස්ථානය හා සෞදි අරාබිය අතරද පස්වරු 4.00 ට ශ්‍රී  ලංකාව හා බංග්ලාදේශය අතරද පස්වරු 6.30 ට උස්බෙකිස්ථානය හා නේපාලය අතරද එම තරග පැවැත්වේ.
එයින් පසුව මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ලාභීන් දෙදෙනා අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට පස්වරු 4.00 ටය. 

තෙවනුව හා සිව් වනුව වැඩිම ප්‍රසාද ලකුණු ලාභීන් බවට පත්වන කණ්ඩායම්  දෙක අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය පැවැත්වෙන්නේ අනිද්දා පස්වරු 1.30ටය.  


අදහස් (0)

ශ්‍රී ලංකාව 3-1 කින් ඇෆ්ඝනිස්ථානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.