Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව 3-0 කින් බංග්ලාදේශය පරදවයි
ඩේවිස් කුසලාන

ශ්‍රී ලංකාව 3-0 කින් බංග්ලාදේශය පරදවයි

editorial - 2022 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කලාපීය IV වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී බංග්ලංදේශයට එරෙහිව තරග 3-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (8 වැනිදා) සමත් විය.

දෙරට අතර පැවැති තරගවාරය තරග 5 කින් සමන්විත වූ අතර ඊට කේවල තරග 4 ක් සහ එක් යුගල තරගයක් ඇතුලත් විය. කෙසේ වුවත් ඉන් කේවල තරග 2 ක් සහ යුගල තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීම හේතුවෙන් සෙසු කේවල තරග 2 නොපැවැත්විණ.

පළමු කේවල තරගයේදී බංග්ලාදේශයේ රන්ජන් රාම්ට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ යසිත ද සිල්වා සමත් විය. දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවේ හර්ෂණ ගොඩමාන්න විසින් බංග්ලාදේශයේ රුබෙල් හොසේන් පරාජයට කරනු ලැබුවේද වට 2-0 ක් ලෙසිනි.

යුගල තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ක්‍රීඩකයන් දෙපලක් වන චාතූර්ය නිලවීර සහ ටෙහාන් විජේමාන්න තරග බිමට පිවිසියහ. එහිදී බංග්ලාදේශයේ කව්සාර් අලී සහ ජුවෙල් රානා වට 2-0 ක් ලෙස පරාජය කිරීමට චාතූර්ය සහ ටෙහාන් සමත් වූහ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය අනිද්දා (11 වැනිදා) කිරිගිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලන මූලස්ථාන පිටියේදී පැවැත්වේ. එම තරගයෙන්ද ජය ලැබීමට හැකි වූවහොත් ශ්‍රී ලංකාවට ‘බී’ කාණ්ඩයේ ශූරයන්ට එරෙහිව තරග වැදීමට අවස්ථාව උදාවනු ඇත.

ඉරාකය, යේමනය, මාලදිවයි සහ බෘනායි යන රටවල් ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිති. මූලික වටයේ තරග අවසානයේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකේ ශූරයන් අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායමට ආසියා ශාන්තිකර කලාපීය III වැනි කොටසට උසස්වීමක් හිමිවනු ඇත.

තරග ප්‍රතිඵල

යසිත ද සිල්වා (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස රන්ජන් රාම් (බංග්ලාදේශය) පරාපය කරන ලදි. (6/3, 6/0)
හර්ෂණ ගොඩමාන්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස රුබෙල් හොසේන් (බංග්ලාදේශය) පරාපය කරන ලදි. (6/1, 6/3)
චාතූර්ය නිලවීර සහ ටෙහාන් විජේමාන්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස කව්සාර් අලී සහ ජුවෙල් රානා (බංග්ලාදේශය) පරාපය කරන ලදහ. (6/0, 6/1)


අදහස් (0)

ශ්‍රී ලංකාව 3-0 කින් බංග්ලාදේශය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.